News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

“දල පූට්ටුවා”ගේ ඝාතනය සම්භන්දයෙන් 05 දෙනෙකු අත්අඩංගුවට.

3837 Views


“දල පූට්ටුවා”ගේ ඝාතනය සම්භන්දයෙන් 05 දෙනෙකු අත්අඩංගුවට.

ගල්ගමුව ප‍්‍රදේශයේ සැරිසැරූ “දල පූට්ටුවා” ලෙස හඳුන්වන හස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අඹන්පොල පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් ඊයේ රාත්‍රියේ සිදු කල විමර්ශනයකදියි.

එහිදී සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක්ද සොයාගෙන තිබෙනවා. පොල්පිතිගම සොරොව්වැව රක්ෂිතයේ තිබී සොයා ගත් ඇතාගේ මළසිරුර අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළපූට්ටුවගේ බව තහවුරු වුනේ ඊයේ දිනයේ දීයි. ඒඇතාගේ මළ සිරුර සම්බන්ධයෙන් ඊයේ පැවති පශ්චාත් මරණ පර්ක්ෂණයේදී.

මෙම හස්තියා මීට සති 2ත් 4ත් ඇතුළත අත්තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කරන්නට ඇති බවට එහිදී අණාවරණය වී තිබෙනවා. මරණ පරීක්ෂණයේ දී හස්තියාගේ හිස තුළ තිබී සොයාගෙන ඇති ඊයම්බෝල ගනණ 10 ක්. ඇතාගේ මොළයට සිදු වූ හානියෙන් මරණය සිදු වී ඇති බවයි අණාවරණය වී ඇත්තේ.

2017/12/01 | SIYATHA FM TOP STORY – 10:00 AM


News Articles
Latest Videos
Most Popular Post