2017 – 2018 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය අද උදේ 5.40 ට යෙදුනු සුභ නැකතට ආරම්භ වුනා. ශ්‍රී පාද ස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති, සබරගමු පළාතේ ප‍්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, බෙංගමුෙවි ධමිමදින්න හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් තමයි මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ වුණේ.
ශ්‍රී පාද පද්මය සුවඳ පන් වලින් දෝවනය කරාට පස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ ඉඳලා රත්නපුර පලාබද්දල පාරෙනුත්, රත්නපුර අවිස්සාවේල්ල හරහා හැටන් පාරෙනුත් ඇවිත් සඨාතුක කරඬුව, සමන් දේව ප‍්‍රතිමාව සහ දේවභාරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කළා. මේ වතාවත් වලින් පස්සේ තමයි මේ පාර ශ්‍රී පාද වන්දනා සමය ආරමිභ වුණේ.
ශ්‍රී පාද වන්දනා වාරය ආරමිභ වුන පළමු දිනයේම අයපහත් කාළගුණය ගැන බලන්නේ නැතුව ලංකාවේ වටෙන්ම සිල් සමාදන් වෙන්න විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී පාද මළුවට ඇවිත් හිටියා.
මේ පාර ශ්‍රී පාද වන්දනාවේ එන වන්දනාකරුවන් වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන වැඩපිළිවලකුත් ක්‍රියාත්මක වෙනවා.
දිරාපත් වෙන්නේ නැති කිසිම දෙයක් මේ පාර වන්දනාවේ එන අයට ගේන එක තහනම් කරලත් තියෙනවා. ශ්‍රී පාද වන්දනාවේ එනකොට ශ්‍රී පාද ස්ථානය පුජනීය තැනක් විදිහට සළකලා ශ්‍රී පාදය කරුණා කරන්න කියල වගේම ශ්‍රී පාදස්ථානයේ පරිසරය රැක ගන්න දායක වෙන්න කියලත් වන්දනාකරුවන්ගෙන් ශ්‍රී පාද ස්ථානාධිපති හිමියන් ඉල්ලා සිටිනවා.