News Line| Off Air| Games
Generic placeholder image

Aug
28

උඩවලව අනතුරකින් 4 ක් රෝහලේ.

403 Views


උඩවලව අනතුරකින් 4 ක් රෝහලේ.

උඩවලව තිබොල්කැටිය ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් එහි රියදුරුට පාලනය කර ගත නොහැකිව තිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් තිරෝද රථයේ රියදුරු හා එහි පිටුපස ගමන් කල කාන්තාවන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.ප‍්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ ඇඹිලිපිටිය රෝහලටයි.

මේ අතර පැල්මඩුල්ල හා දොම්පේ යන ප‍්‍රදේශ වල සිදු වූ රිය අනතුරු දෙකකින් ද පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.පැල්මඩුල්ල ප‍්‍රදේශයේ අනතුර සිදු වුනේ මෝටර් රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ බැකෝ යන්ත‍්‍රයක ගැටීමෙන්.

අනතුරින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියා. දොම්පේ ප‍්‍රදේශයේ දී ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමේන් 23 හැවිරිදි යතුරු පැදිකරු මිය ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post