News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

“මගේ ලෝගෝ එක බස් අජිත්. මට සම්භාව්‍ය වෙන්න බෑ.” – මල් රැල්ලේ ගීත ගැන අජිත් කියන කතාව.

1301 Views


“මගේ ලෝගෝ එක බස් අජිත්. මට සම්භාව්‍ය වෙන්න බෑ.” – මල් රැල්ලේ ගීත ගැන අජිත් කියන කතාව.

අලූතෙන් ගීත නිර්මාණය කළේ නැද්ද?
බොදු බැති ගීයක් කළා ”ඇති වෙනා නැති වෙනා ලෝක ධර්මේ” කියලා. තව සුජීවා ට ගීතයක් නිර්මාණය කළා ”රොන් සොයනා” කියලා. ඒක එළිදක්වලා දින තුන හතරක් යනකොට ඩවුන්ලෝඞ්ස් ලක්ෂය පැනලා තිබුණා. කසුන් ඬේවිඞ් සහ තරිඳු බණ්ඩාර තමයි මාත් එක්ක මේ ගීතය කේ. සුජීවාට නිර්මාණය කළේ. මේ ගීතය මගෙන් සුජීවාට තෑග්ගක්.

මල් රැල්ල කියන චෝදනාවෙන් නිදහස් වෙන්නවත් වෙනස් ආරක ගීයක් ගායනා කරන්න කැමැති නැද්ද?
මට සම්භාව්‍ය වෙන්න බෑ. මං ඉන්නේ මාස් මාකට් එකේ. අදටත් ස්ටේජ් එකක් උඩට නැග්ගම සෙනග හත් අට දාහක් එනවා මාව බලන්න. මං ඉන්නේ බැරි මිනිස්සුත් එක්ක. මොකද ඒ මිනිස්සු මට බැරි වෙලාවේ හිටියනේ. මගේ ලෝගෝ එක බස් අජිත්නේ. ඉතිං එතකොට මං ඉන්නේ එතැන.

ඉස්සරහට ගීත නිර්මාණය කරන්නේ සුජීවට විතරද? ඔබේ නිර්මාණ කරන්න අදහසක් නැද්ද?
නැත්තේ නෑ නෙමෙයි. සී. ඞී. එකක් කළොත් මුදල් අය කිරීමකින් තොරව තමයි එළියට දාන්නේ. මොකද මුදල් අය කිරීමේ අවශ්‍යතාවක් මට දැනට නෑ. මගේ අරමුණු මං ඉටු කරගෙන ඉවරයි. මගේ ගමනේ මට යන්න තියෙන්නේ තව පොඩි දුරයි.

කොහොමද දැන් ගෙවෙන ජිවිතේ?
මගේ ජීවිතෙන් බාගෙටත් වැඩිය ගෙවුනට පස්සේ මගේ ජීවිතේට සුජීවා කියන චරිතය ඇතුල් වෙනවා. ඊට පස්සේ සුජීවා මගේ හීන වලට මගේ ජීවිතේට පුදුම උත්සාහයක් ශක්තියක් දෙනවා මේ දේ මට කරන්න පුළුවන් කියලා. ලොකු තල්ලූවක් ලැබෙනවා ඇගෙන්. ඒ තල්ලූව මට මගේ ජීවිතේට ලැබෙන්නේ ජිවිතේ මැදදී. ඉතිං අද වෙද්දී ජිවිතේ මේ ගමන යන එක බොහොම ලේසි වෙලා තියෙනවා. එතකොට අන්ජලී” රෝස්” කියන චරිත වලින් මට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. ඉතිං වැඩ තමයි වැඩි. මොකද කොළඹ ගෙවල් දෙකට අමතරව හොරණ අපේ අලූත් ගේ හදනවා මේ දවස්වල. වෙලාව තමයි ඒ හින්දා අඩු ටිකක්.

මේ දවස්වල ඔබේ ඡායාරූපයක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා නේද ?

මීට අවුරුදු තුනකට කලිනුත් හරියටම මේ ෆොටෝ එකම යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මේ පහරදීමට ලක්වුණා. ඕක අලූත් කාරණාවක් නෙමෙයි. මට නම් සාමාන්‍ය දෙයක්. ඉතිං කරන දේවල් බලාගෙන ඉන්න බැරි සුළු පිරිසකුත් ඉන්නවානේ නේද? කොහොමද මේ අයට ගහන්නේ? කොහොමද මේ පවුල කඩන්නේ? අජිත් වැට්ටුවොත් සුජීවා පාරට වැටෙයිද? සුජීවාට ගැහුවොත් අජිත් නන්නත්තාර වෙයිද? කියන සිද්ධාන්ත ටික තමයි ඔය ක්‍රියාව ඇතුළේ තියෙන්නේ.

මෙහෙම දෙයකුත් තියෙනවා. කවුරු මොනවා කළත් මේ ළමයි නොවැටෙන්න සහ අපි නොවැටෙන්න සැලසුම් හදලා ඉවරයි. මොකද සුජීවා කියන්නෙත් අත්දැකීම බහුල කෙනෙක්. අනික ගැහැණියක්. දරුවන් එක්ක තනිවුන ගැහැණියක් ළඟට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒ ළමයි මට තාත්තේ කියලා ආදරෙන් සලකන්නේ. ඉතිං මේ ෆොටෝ එක මුදා හැරපු යම් කෙනෙක් වේද එයාගේ මානසිකත්වයයි මේ පෙන්නලා තියෙන්නේ.

කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ මේවා ගැන රටේ නීතියක් නෑ. මේ මට වුණ දේ වෙන කෙනෙකුට වුණා නම් අද ඒ ගෙදර මළගෙයක්. මට මේක දැනෙන්නේ නෑ. මීට වඩා දේවල් වලට මම මුහුණ දීල තියෙනවා. කිසිසේත්ම මේ කරලා තියෙන දේ අනුමත කරන්නේ නෑ. අනික මගේ බිරිඳට දරුවන්ට අදාළ නැත්නම් වෙන අයට ඕක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැනේ.

මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ?
බෑන්ඞ් එක කරන් යනවා. සුජීවාගෙයි මගෙයි ඩුවට් දෙකක් එන්න තියෙනවා. සුජීවා ගේ තව ගීත දෙකක් එන්න තියෙනවා. ඒ වගේම අතුරුගිරියේ අපේ වයිට්නින්ග් ට්‍රීට්මන්ට් සැලූන් එක කරගෙන යනවා සාර්ථකව.


News Articles
Latest Videos
Most Popular Post