News Line| Off Air| Games
Generic placeholder image

Aug
29

අල් ජසීරාවෙන් තරඟ පාවාදීම ගැන තවත් වීඩියෝවක්. ලංකාවේ නම ආයෙත් ගෑවෙයි.

1809 Views


අල් ජසීරාවෙන් තරඟ පාවාදීම ගැන තවත් වීඩියෝවක්. ලංකාවේ නම ආයෙත් ගෑවෙයි.

ඉස්සර කිව්වේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා. හැබැයි දැන් දැන් ක්‍රිකට් බුකීකරුවන්ගේ ක්‍රීඩාවක් වෙලා. දවසින් දවස ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන චෝදනා වැඩි වෙනවා.

අල් ජසීරා මාධ්‍ය ජාලය ආයෙත් සැරයක් මුදලට තරග පාවාදීම ගැන Video එකක් නිකුත් කරන්න යනවා. ඒ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට එරෙහිව. වර්තමානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රිඩා කරනු ලබන ක්‍රිඩකයින් මෙන්ම හිටපු ක්‍රිඩකයින්ද මේ Video එකෙන් චෝදනාවට ලක්වෙලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.

2011 වසරේ සිට පැවති පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය, අළු බදුන තරගාවලිය, බංග්ලාදේශ, ශ්‍රි ලංකාව, දකුණු අප්‍රිකානු තරග සංචාරයන්ට අමතරව ඕස්ට්‍රේලියාවෙදි පැවති නවසීලන්ත සහ ඉන්දිය තරගාවලීයන් හිදි මුදලට තරග පාවා දිම් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට චෝදනා එල්ල වෙලා තියෙනවා.

සිය ක්‍රිඩකයින්ට එරෙහිව නැගී තිබෙන චෝදනා ගැන විමර්ෂණයක් සිදුකරන බවට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිළධාරි ජේම්ස් සදර්ලන්ඩ් සඳහන් කරනවා. ඒ වගේම තමන් විසින් සිදුකරනු ලබන විමර්ෂණයන්ට අදාල සියළු තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post