News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

ජනප්‍රිය නිළි අමීෂා කාවින්දි විකුණා සල්ලි හොයන ජාවාරමක්…

1673 Views


ජනප්‍රිය නිළි අමීෂා කාවින්දි විකුණා සල්ලි හොයන ජාවාරමක්…

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන ඝරසරප පහුගිය 10 වැනිදා ඉඳන් තිරගත වීම ආරම්භ වුණා. ඝරසරප චිත්‍රපටයේ ‘ප්‍රැන්කි’ විදියට අමීෂා කාවින්දි අපූරු රංගනයක යෙදෙනවා. මේ චරිතය අමීෂාගේ රංගන දිවියේ කඩඉමක් බවත් චිත්‍රපටය නැරඹූ බොහෝ අය කියනවා. ඔය අතරේ අන්තර්ජාලය හරහා අමීෂා සහ අර්ජුන් කමලනාත්ට සිදුවී ඇති අකරතැබ්බයන් ගැනත් පහුගිය දා දැනගන්නට ලැබුණා. මේ ගැන වැඩි දුර විස්තර ඇය සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට…

අමීෂාගේ රංගන දිවියේ සුවිශේෂ අවස්ථාවක් උදා වුණා නේද?

අපි හැමෝටම හීන තියෙනවා. මටත් විවිධාකාර හීන තිබෙනවා. මේ ඉටු වුණේ ඒ අතරින් එක හීනයක්. ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ මේ රටේ ඉන්න දක්ෂතම ප්‍රධානතම නිර්මාණකරුවෙක්. ඔහුගේ නිර්මාණයක රඟපාන්නට ඕනෑම නළු නිළියෙක් හීන මවනවා. ඝරසරප චිත්‍රපටයේ ප්‍රැන්කිගේ චරිතය රඟපෑමට ලැබිම මගෙ රංගන ජීවිතයේ සුවිශේෂ සන්ධිස්ථානයක්.

ඝරසරප නිෂ්පාදනය කරන්නේ අර්ජුන කමලනාත්. අමීෂාට එහි රඟපාන්නට ලැබුණේ ඒ නිසාද?

(හිනැහී) ගොඩාක් අය එහෙම හිතනවා ඇති. ඒත් ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ තමන්ගේ නිර්මාණය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහු වැනි කෙනෙක් නිර්මාණයකට නළු නිළියන් දායක කර ගනිද්දී කිසිසේත්ම පෞද්ගලික හේතු මත ඒ දේ කරන්නේ නැහැ. ඒ වගේම අර්ජුන් කමලනාත් චිත්‍රපට නළු නිළියන් තෝරා ගැනීම ගැන කිසිම බලපෑමක් කළේ නැහැ. චිත්‍රපටයට නළු නිළියන් තෝරද්දී ජයන්ත චන්ද්‍රසිරි මහතාට මගේ නම යෝජනා කරලා තියෙන්නේ හේමන්ත රන්දුනු. ඒ වගේම තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතා මාව තෝරා ගත්තේ අදාළ ඉජපඥඥද ඊඥඵබ එකකට පවා මාව යොමු කරලයි. කාවින්ද්‍යා අධිකාරී, දෙව්තා ‍පෝරගේ සමග මමත් නියමිත දිනයේ ගිහින් ඒ ඉජපඥඥද ඊඥඵබ එකට මුහුණ දුන්නා. බැරි වෙලාවත් මාව ඒ ඉජපඥඥද ඊඥඵබ එකෙන් අසමත් වුණා නම් මේ චිත්‍රපටයේ මම නැහැ.

බොහෝ විට අපි අමීෂාව දුටුවේ සරල විනෝදාත්මක නිර්මාණවලයි. මේ ආරම්භයත් එක්ක මීට පස්සේ එවැනි නිර්මාණවලට එක්වන්නේ නැද්ද?

සරල, විනෝදාත්මක කතාවක් තිබුණෙත් හොඳ නිර්මාණයකට නම් මම එකතු වනවා.

ඒත් ටෙලි නාට්‍යයවල නම් අමීෂා දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

මම ටෙලි නාට්‍යවලට යද්දී නම් ටිකක් හිතලා බලනවා. මොකද කරන්න කිසිම දෙයක් නැතුව නිකන් පෙනී හිටීමකට ඉඳලා තේරුමක් නෑනේ.

ළඟදී අමීෂා ටෙලි නාට්‍යයකින් අතරමගදී ඉවත් වුණා නේද?

ඔව්. ඒක මෙගා නාට්‍යයක්. හේතු කීපයක් මත සුහදව කතා කරලා ඉවත් වුණා.

අද වෙද්දී අන්තර්ජාලය නිසා ජනප්‍රිය පුද්ගලයන්ට නොයෙක් අකරතැබ්බවලට මුහුණ දෙන්න වෙනවා. මෑතකදී අමීෂාටත් එවැනි සිදුවීමකට මුහුණ දෙන්න වුණා නේද?

ඔව්. මම අසනීප තත්ත්වයෙන් ඉන්න බව කියලා එක්තරා පුද්ගලයෙක් මුදල් ආධාර ඉල්ලලා තිබුණා. එයා ඒ දේ කරලා තියෙන්නේ අන්තර්ජාලය හරහායි. මේ වගේ අයට නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි. ඒත් අපි ගොඩක් කාර්ය බහුල අය. ඒ නිසා ඔය වගේ සිදුවීම් පස්සේ හඹා යන්න අපට වෙලාවක් නැහැ. අර්ජුන් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් බව හැමෝම දන්නවා. ඉතින් මට අසනීපයක් වුණා නම් මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න අවශ්‍ය නැති බව ඕනෑම කෙනෙකුට තේරෙනවානේ. ජනප්‍රිය අයගේ නම් විකුණලා මුදල් කඩා වඩා ගන්න අය වගේම තමන්ගේ අසනීප ගැන අසරණ කම් ගැන බොරු කියලත් මේ විදියට මිනිසුන්ගේ මුදල් කඩා ගන්නා අය ඉන්නවා. ඒ හින්දා ඇත්තටම අසරණ වූ කෙනෙකුට උදව්වක් කරන්නත් අද මිනිස්සු මැලිවෙනවා. මේ වගේ දේවල් අන්තර්ජාලයේ දැකලා ඒවාට උදව් කරන්න ඉදිරිපත් වන අය හොඳට හොයලා බලලා ඒ දේවල් කරන්න කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි.


News Articles
Latest Videos
Most Popular Post