News Line| Off Air| Games
Generic placeholder image

Aug
3

අමෙරිකාවෙන් තෑගී ලැබෙන ලංකාවේ ලොකුම යුධ නැව. – Photo

1548 Views


අමෙරිකාවෙන් තෑගී ලැබෙන ලංකාවේ ලොකුම යුධ නැව. – Photo

රට වට බැඳී රන් වැට ශ්‍රී ලංකා නාවික හමුදාව. 30 වසර කුරිරු යුද්ධය නිමා කරන්න විශාල වැඩ කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරා. මුහුදේ යුද්ධයකට මුහුණ දුන්න ලෝකයේ එකම නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හැමදාව.

ඒ වගේම පළවෙනි වතාවට මල්ටිබැරල් රොකට් ලෝන්චර් නාවික යාත්‍රාවකට සවිකරලා භාවිතා කරෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව. මේ විදියට මුහුදේ සුරුවිරුකම් පාන ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් තෑග්ගක් ලැබෙන්න යනවා.

ඒ විශාල යුධ නෞකාවක්. ‘ෂර්මන්’ කියලා තමයි මේ නැව නම් කරලා තියෙන්නේ. ‘ෂර්මන්’ නැවට අවුරුදු 50 ක් විතර වයසයි. දිගින් මීටර් 115 ක්‌ වෙනවා. ටොන් 3250 ක බරක්‌ ගෙනියන්න පුළුවන්. ඩීසල් එන්ජින් දෙකකින් සහ ගෑස්‌ ටර්බයින් එන්ජින් දෙකකින් ෂර්මන් නව සමන්විතයි.

ලංකාව මේ නව භාර ගත්තට පස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයිති දිගම යුධ නෞකාව වෙනවා. ඒ වගේම මෙහි ඇති ප්‍රධාන අවිය දැනට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ තිබෙන විශාලතම අවිය බවට පත්වෙනවා.

නාවික හමුදා යුද පුහුණු අභ්‍යාසයක් වන රිම්පැක්‌ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවට මේ නැව පරිත්‍යාග කරන්නේ. ෂර්මන් නෞකාව ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදීමේ උත්සවය අගෝස්‌තු 22 වැනිදා හවායිහිදී සිදු කෙරෙනවා.

මෙම නැව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ ඇමරිකානු නාවික නිලධාරීහු පිරිසක්‌ මේ දිනවල ශ්‍රී ලාංකීය නාවික නිලධාරි කණ්‌ඩායමකට පුහුණුව ලබා දෙනවා. ඇමරිකාවේ හවායිහි වෙරළාරක්‌ෂක මූලස්‌ථානයේ නවතා තියෙන නැව ශ්‍රී ලංකාවට සුදුසු වන විදියට අලුත්වැඩියා කටයුතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post