News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

ලෝක ඉතිහාසයේ විශාලම වෙළඳ යුද්ධයට ඇමෙරිකාව සහ චීනය මුලපුරයි.

543 Views


ලෝක ඉතිහාසයේ විශාලම වෙළඳ යුද්ධයට ඇමෙරිකාව සහ චීනය මුලපුරයි.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකාව විසින් ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම ගැන චීනය ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරලා තියෙනවා.

චීනය කියන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තවදුරටත් බදු පනවන බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් තර්ජනය කරපු තර්ජනයට ප‍්‍රතිචාර දක්වන්න සූදානම් කියලා.

ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ඇමෙරිකාව ආරම්භ කරලා කියලා චීනය චෝදනා කරනවා. කොහොම වුනත් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සදහා ට‍්‍රම්ප් පරිපාලනය පැනවූ 25% ක තීරුබද්ද ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වෙනවා.

කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය උපාංග, වාහන අමතර කොටස් ඇතුළු 800 කට වැඩි චීන නිෂ්පාදන සඳහා මෙලෙස බදු පනවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post