News Line| Off Air| Games
Generic placeholder image

Sep
13

උතුර – දකුණ යා කරන්න කොළඹ ආනන්දය හදපු අපූරු පාලම

3968 Views


උතුර – දකුණ යා කරන්න කොළඹ ආනන්දය හදපු අපූරු පාලම

බෞද්ධ අධ්‍යාපනය මුලික කරගත් පාසලක් වන කොළඹ ආනන්ද විද්‍යාලයත්, දමිළ සහජීවනය පුනුරුදය වූ යාපනයේ හින්දු විද්‍යාලයත් බොහෝ උගතුන්, වියතුන් වගේම වීරවරුන් ද මෙරටට දායාද කරලා තියෙනවා. සිංහල දමිළ මිතුදම් අලුත් කරමින් මෙම පාසල් එකමුතුව සංවිධානය කරන වී .ටී . එස්. සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය හත් වෙනි වරට මෙවරත් පැවැත්වීමට සූදානම්.

යාපනය හින්දු විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක් වගේම ආනන්ද විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කැපවුණු දක්ෂ ගුරුවරයෙක් වන වී .ටී . එස්. සිවගුරුනාදන් සිහිකිරීම වෙනුවෙන් තමයි මෙම තරඟාවලිය සංවිධානය වෙන්නේ. 2012 වසරේ ආනන්ද විද්‍යාලීය 125 වන සංවත්සරය මුල් කරගෙන ඇරඹුණු මෙම තරඟාවලිය ” Wielding the Willow” නමින් නම් කරලා තියෙනවා.

ආනන්ද විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සංවිධානය කරන මේ සිවගුරුනාදන් අනුස්මරණ කුසලානය ක්‍රිකට් තරඟාවලියක්, පැසිපන්දු තරඟාවලියක් සහ චෙස් තරඟාවලියකින් සමන්විත වෙනවා. ඒ වගේම පනික්කාර් තනබාලසිංහම් අනුස්මරණ ඉංග්‍රීසි මාධ්‍ය විවාද තරඟයක් මේ සමගාමීව පැවැත්වීමට ද නියමිතයි.

සැප්තැම්බර් 28,29 දෙදින ආනන්ද විද්‍යාලයේ පැවැත්වෙන මෙම වැඩසටහනේ මුලික අරමුණ වී ඇත්තේ සංස්කෘතික සහ සමාජීය සබඳතා වැඩි දියුණු කිරීමයි.

 


News Articles
Latest Videos
Most Popular Post