News Line| Off Air| Games
Generic placeholder image

Sep
7

අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය කාගේද? – අගමැති රනිල් අවසන් තීරණය දෙයි.

977 Views


අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය කාගේද? – අගමැති රනිල් අවසන් තීරණය දෙයි.

චතුර සේනාරත්නගේ විවාහය සමග අරලිය ගහ මන්දිරයේ විවාහ පැවැත්වීම ගැන විවිධ මතවාද කරලියට ආවා. ගොඩාක් අය මේ අවස්ථාව දැඩි ලෙස විවේචනය කරා. සමහරු නං කිවුවේ කලින් ආණ්ඩුව කාලෙත් අරලිය ගහ මන්දිරය විවාහ උත්සව වලට දීලා තියෙනවා, ඒ බව දැන් සමහරුන්ට අමතකයි කියලයි.

ඒ කොහොම වුනත් දැන් හැමෝම බලාගෙන ඉන්නේ අරලිය ගහ මන්දිරයේ ඊළඟ විවාහය ගන්නේ කවුද කියලයි. ඒ ගැන අවසන් තීරණය අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය දවසක දැනුම් දුන්නා.

කොළඹ අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව මින්පසු විවාහ මංගල උත්සව සඳහා නොදීමට තමයි අග්‍රාමාත්‍යතුමා අවසන් වශයෙන් තීරණය කරලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී දැක්වූ අදහස් සැළකිල්ලට ගනිමින් තමයි අග්‍රාමාත්‍යවරයා මේ තීරණය අරන් තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post