News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

අසේල ගුණරත්න “ඩෙංගු” රෝගයට ගොදුරු වෙයි…

949 Views


අසේල ගුණරත්න “ඩෙංගු” රෝගයට ගොදුරු වෙයි…

ප්‍රබල දකුණු අප්‍රිකාවට සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම්වලට අමතක නොවන ඉනිම් කිහිපයක් ක්‍රීඩා කරපු, කළ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පසුගිය පහුගිය දවස්වල ඩෙංගු රෝගයට ගොදුරු වෙලා හිටියා කියල සියත 24 අපට වාර්තා වුණා. එත් මේ වෙද්දී තරමක සුව අතට හැරිලා තියෙනවා. සම්පුර්ණ සුවයෙන් පස්සේ ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා තරඟාවලි වලට සහභාගිවෙන්න ලෑස්තියි.

ඉතින් මේ දවස්වල විවේකයෙන් ඉන්න අසේල, ඔහුගේ රෝගී තත්වය ගැන මාධ්‍යට කිව්වේ මෙහෙම කතාවක්…

“ආබාධ තත්ත්වය සුව අතට හැරිලා නැවතත් ජාතික කණ්ඩායමට එකතු වෙන්න සූදානමින් සිටින අවස්ථාවක තමයි මට ඩෙංගු උණ හැදුණේ. පසුගිය සති කිහිපයේදීම ඒ වෙනුවෙන් විවේකීව ඉන්න මට සිද්ධ වුණා. තවත් දින කිහිපයක් විවේකයෙන් ඉඳලා නැවතත් ක්‍රිකට් පුහුණුවීම් කටයුතුවල නිරත වෙන්න තමයි සැලසුම් කරමින් ඉන්නේ. ගොඩ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්වෙලා හිටිය නිසා හැම දෙයක්ම මුල ඉඳලම පටන් ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post