News Line| Off Air| Games
Generic placeholder image

Jul
25

ක්‍රිකට් වල “අ” යන්න, “ආ” යන්න කියවන රටවල් සමඟ සටන් කරන්න වෙන ආසියානු කුසලානයේ කාලසටහන මෙන්න.

1984 Views


ක්‍රිකට් වල “අ” යන්න, “ආ” යන්න කියවන රටවල් සමඟ සටන් කරන්න වෙන ආසියානු කුසලානයේ කාලසටහන මෙන්න.

ආසියාවේ ක්‍රිකට් පතාකයින් සටන් වඳින “ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ” කාලසටහන් මේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය ඇතුළු ක්‍රිකට් කණ්ඩායම් 6 ක් මේ කුසලානය වෙනුවෙන් තරඟ කරනවා.

මේ කණ්ඩායම 6 කාණ්ඩ 2 ක් යටතේ තරඟාවලිය එකතු වෙනවා. “A කාණ්ඩය” යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරඟ වදිනවා. සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් ජයගන්න කණ්ඩායම A කාණ්ඩයට තෝරා ගන්නවා. ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඕමාන්, නේපාලය, මැලේසියාව හා හොංකොං තරඟ වදිනවා.

“B කාණ්ඩය” යටතේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය තරඟ වදින්න නියමිතයි. පන්දුවාර 50 තරඟාවලියක් විදියට තමයි මෙවර තරඟාවලිය පැවැත්වෙන්නේ. මුල් වටය අවසානයේ කාණ්ඩ දෙකේ පළමු ස්ථාන 02 ක හිමිකර ගන්නා කණ්ඩායම් 04ක් සුපිරි වටයට සුදුසුකම් ලබනවා.

සුපිරි වටය අවසානයේ ජය ගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 28 වනදා ආසියානු කුසලානය වෙනුවෙන් සටන් වදිනවා.


News Articles
Latest Videos
Most Popular Post