News Line| Off Air| Games
Generic placeholder image

Apr
7

අද ලග්න දෙකකට මංගල යෝග ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

619 Views


අද ලග්න දෙකකට මංගල යෝග ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අප්‍රියෙල් මස 07 වන සෙනසුරාදා
 
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.09 සිට උදෑසන 10.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.15 සිට රාත්‍රී 10.44දක්වා 
සුභ දිශාව: උතුර 
අසුභ දිශාව: නැගෙනහිර 

 

මේෂ ලග්නය

පිරිස් බලයක් ඇතිවන දිනයකි. නමුත් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අනතුරු හා තම කීර්ති නාමයට හානි වීමට ඉඩ ඇති දිනයකි. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත්. වියදම් තත්වය පිළිබඳවද සැලකිලිමත් විය යුතු දිනයකි. අවදානම් කටයුතු වලින් තොරව ප්‍රවෙසම්ව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                             ජය අංකය: 01

වෘෂභ ලග්නය

ආර්ථික ශක්තිය වැඩි වන දිනයකි. නිහතමානිව ගත කළයුතු දිනයකි. අධිෂ්ටාන ශක්තිය ඔබට වාසනාව ගෙන දේවි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්. සුභ මංගල යෝග ඇතිවන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                            ජය අංකය: 03

මිථුන ලග්නය

වඩාත් කාර්යබහුල හා වියදම් පාර්ශවය අධික වන දිනයකි. ගෞරවය රැකෙන පරිදි කටයුතු කළයුතු දිනයකි.අසරණ අයට පිහිට වන්න. වැඩිහිටි උපදෙස් මත කල්පනාකාරීව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                         ජය අංකය: 05

 

කටක ලග්නය

කායික ශක්තිය දුබල වන දිනයකි. සිතට මෙන්ම ගතටද ඔබේ කේන්තිය බාධාවක් විය හැකි දිනයකි. සිත පාලනය කරන්න. සතුරු පීඩා යටපත් වන දිනයකි. තම දෙමව්පියන්ට ආදරය හා සෙනෙහස දක්වන්න. සුභ මංගල යෝජනා ඉදිරිපත් වන දිනයකි.
ජය වර්ණය: සුදු පැහැය                                                 ජය අංකය: 09

සිංහ ලග්නය

ඔබ ආර්ථික වශයෙන් ශක්තිමත් වන දිනයකි. හදිසි ධන ලාභ ලැබෙන දිනයකි. රැකියා බාධා ඉවත්ව යන දිනයක් වන අතර ව්‍යාපාර සාර්ථක වන දිනයකි. නමුත් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. පවුලේ අය අතරද ගෞරවනීයව වැඩ කටයුතු කිරීම වැදගත් වන අතර දෙමව්පියන් වෙනුවෙන් වෙහෙස විය යුතු දිනයක්.
ජය වර්ණය: රෝස  පැහැය                                                 ජය අංකය: 08

කන්‍යා ලග්නය

ලාභ ප්‍රයෝජන වැඩියෙන් ලැබෙන දිනයකි. නමුත් ඔබ සමාජ ඇසුරේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. පරණ පිනක් ඵල දීමට ඉඩ ඇති සුභ දිනයකි. අලුතින් දෙයක් ආරම්භ කරන්න සුභ දිනයකි. කල්පනාකාරීව හා ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                 ජය අංකය: 06

 

තුලා ලග්නය

බරපතල පීඩනයකට හසු වීමට ඉඩ ඇති දිනයකි. එබැවින් ඔබ වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. සමාජයේ පිළිගැනීම ලබාගත හැකි දිනයක් වන නමුත්  ඉවසිලිවන්තව හා සාමකාමිව දිනය ගත කරන්න. දෙමාපියන්ට සැලකීම උතුම් කොට ඔබට ඵලදෙන දිනයකි.
ජය වර්ණය: රතු පැහැය                                                    ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

සිතට කරදර පීඩා ඇතිවන දිනයකි. එබැවින් ඔබ වඩාත් ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබේ මතය අනුව කටුතු කිරීම හා අන් අය නොසලකා හැරීම නිසා පාඩු ඇතිවිය හැකි දිනයකි. අදායම් තත්වයද පහළ යා හැකිය. වැඩිහිටි උපදෙස් මත පරාර්ථකාමිව කටයුතු කරන්න. මනා හික්මීමකින් කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                               ජය අංකය: 03

 

 

ධනු ලග්නය

උනන්දුව හා ඔබේ වාසනාව වැඩි වන දිනයකි. ඔබ කරනා වැඩ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ඔබේ උත්සාහය අනුව දිනය සාර්ථක කරගත හැකිය. ආදායම් සරු වන හා පිරිස් බලයක් ඇතිවන දිනයකි. නමුත් සෞඛ්‍ය පීඩා ඇතිවිය හැකි දිනයකි. ආගමානුකුලව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රන්වන් පැහැය                                             ජය අංකය: 04

 

මකර ලග්නය

මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලදී නම් ඔබ වඩාත්ප්‍රවෙසම්ව කටයුතු කළයුතු දිනයකි. අලුතින් ආරම්භ කරන කටයුතු උනන්දුවෙන් කිරීමට වග බලාගන්න. වචන භාවිතයේදී සැළකිලිමත් වන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යන්ත්‍ර සුත්‍ර සමඟ ඔබ වැඩ කටයුතු කරන කෙනෙක් නම් වඩාත් ප්‍රවේසම් වීම වැදගත්. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                 ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

නිසැකවම ඔබට සතුටින් ගත කිරීමට හැකියාව ඇති දිනයකි. වෙනදට වඩා ආදායම් තත්වය වඩාත් යහපත් වන දිනයකි. විරුද්ධ බලවේග යටපත් කළහැකි දිනයකි. ඔබ බලාපොරොත්තු වූ දෙයක් ඔබට අසන්නට හා දකින්නට ලැබෙන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                                        ජය අංකය: 02

 

මීන ලග්නය

ඔබේ තරාතිරම අනුව මිල මුදල් තත්වය වැඩි වන, ජනප්‍රියත්වය ලැබෙන දිනයකි. යහපත් හා බලවත් දිනයකි. නමුත් නිහතමානිව මෙන්ම සාර්ථක තීරණ මත කටයුතු කළයුතු දිනයකි. සිතට කරදර පීඩාද ඇතිවීමට ඉඩකඩ ඇත. රැකියා හා ව්‍යාපාර වල වෙනස්කම් සිදුවන දිනයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීම වඩාත් යහපත් වන දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 077 744 86 44


News Articles
Latest Videos
Most Popular Post