News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

842 Views


අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 21 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.38 සිට 03.04 දක්වා 
සුභ දිශාව: උතුර 

 

මේෂ ලග්නය

කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. එඩිතරව කටයුතු කළහැකි දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට ආහාර ගත යුතු දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                              ජය අංකය: 06

වෘෂභ ලග්නය

වෙනදට වඩා ඔබව කැපී පෙනෙන දිනයකි. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. විතක්ෂනශීලිව කටයුතු කළහැකි දිනයකි. ඕනෑම දෙයක් අන් අයට සරලව පහදා දිය හැකි දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් තැඹිලි පැහැය                                                    ජය අංකය: 05

මිථුන ලග්නය

වඩාත් සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම නමුත් විමසිල්ලෙන් යුතුව කටයුතු කරන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. සෑම දෙයක්ම ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 04

 

 

කටක ලග්නය

සුභ මංගල යෝග උදාවී ඇති දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. වගකීම් නිසි ලෙස ඉටුකරන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: මුතු පැහැය                                        ජය අංකය: 03

සිංහ ලග්නය

කතාවෙන් අන් අයව ජයගත හැකි දිනයකි. උනන්දුවෙන් වැඩ කරන්න. අතිරේක ආදායම් මාර්ග ඇතිවන දිනයකි. අන් අය සමඟ සුහදව කටයුතු කළහැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. පාලනයකින් යුතුව කටයුතු කරන්නට සිතට ගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

තම රැකියාවේ වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ආදායම් තත්වයද සුභ වන දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන නම් වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. නිසි ප්‍රතිකාර ගන්න. කරනා වැඩ කටයුතු වඩාත් සාර්ථකව කරගත හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. කතාවට වැඩි දස්කම් දක්වන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 01

තුලා ලග්නය

අවශ්‍යතා  ගන්න දිනයකි. නමුත් මුදල් සම්බධ කටයුතු වලදී මෙන්ම තම අත්සන භාවිතයේදීද කල්පනාකාරී විය යුතු දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන දිනයකි. අන් අයට වඩාත් ප්‍රිය උපදවන ආකාරයෙන් කටයුතු කරන දිනයකි. උසස්වීම් ලබාගත හැකි දිනයකි. කණ්ඩායම් වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. යම් යම් දේවල් වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                          ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

ව්‍යායාම මගින් දිනය ආරම්භ කරන්න. කායික ශක්තිය ඉතා ඉහල දිනයකි. සතුරු කරදර ඉවත්ව යන දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. යම් යම් වෙනස්කම් ඔබ තුලම නොදන්නා අය සමඟ ප්‍රවේසමෙන් කටයුතු කරන්න. අවංකව තම කටයුතු කරගෙන යන්න. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                         ජය අංකය: 02

ධනු ලග්නය

අන් අය පාලනයට අවශ්‍ය  ශක්තිය පවතින දිනයකි. මනා ජීවිතයකට අවශ්‍ය දේවල් සැලසෙන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි.  කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. නායකත්ව ගුණාංග ඉස්මතු වන දිනයකි. ගැටළු විසදාලීමට වැඩි දස්කමක් දක්වන දිනයකි.
ජය වර්ණය: ලා ගුරු පැහැය                                 ජය අංකය: 01

 

මකර ලග්නය

විදෙස් ගමන් බිමන් වලට අවස්ථාව ලැබෙන දිනයකි. නව ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. සරලව කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. සිත ශක්තිමත් කරගන්න. කෞතුක භාණ්ඩ ලැබෙන දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දම්  පැහැය                                       ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

ජලය ආශ්‍රිතව ප්‍රවේසම් වන්න. ඔබට අනතුරු ඇතිවිය හැකි දිනයක් වන බැවින් ඔබ වඩාත් කල්පනාවෙන් හා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. අලුතින් යමක් ඉගෙනගන්නට යොමු වන්න. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වැඩ කරන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. නමුත් ඔබේ සෞඛ්‍ය ගැන වැඩියෙන් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: නිල් පැහැය                                        ජය අංකය: 08

 

මීන ලග්නය

නිරෝගී මනසක් ඇතිවන දිනයකි. දාන මාන කටයුතු වලට යොමුවන දිනයකි. අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. අන් අයව මනාව තේරුම් ගත හැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. අන් අයව මනාවට තේරුම් ගන්න දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post