News Line| Off Air| Games
Generic placeholder image

Jun
23

අද එක ලග්නයකට දරු ඵල ඉටුවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

768 Views


අද එක ලග්නයකට දරු ඵල ඉටුවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 23  වන සෙනසුරාදා 

රාහු කාලය: දිවා කාලය උදෑසන 09.04 සිට 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.20 සිට 10.46 දක්වා

සුභ දිශාව: බස්නාහිර 

මරු සිටින දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

බොහෝ කලකට පසු ඔබගේ ජිවන ගමනේ හැරවුම් ලක්ෂයක් වන දවසක්. කරන වෘතිය තරාතිරම අනුව ජය පිට ජය  උදාවන දවසක්. සතුරු බලවේග මර්දනය වන දවසක්. රැකියා ලාභ හිමිවන මංගල යෝග උදාවන දවසක්. විදෙස්ගත වන්නට බලාපොරොත්තුවක් තිබෙනවානම් ඒ සදහා උනන්දු වීම වැදගත්. නින්දා අපහාස එල්ලවිය හැකි දවසක් නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න

ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

ධන ලාභ සමඟ ආදායම් තත්වය යහපත් වීමට,කතා විලාසයෙන් ප්‍රයෝජන අත්වීමට වාසනාව ඇති දවසක්. ලේඛන කලාවේ නියුතු අයට ඉතාම යහපත් වන අතර එවැනි දේ සදහා වියදම් කිරීමට සිදුවේවි. ඕපා දූප ,කේලාම් ආදිය නිසා හොද හිත පලුදු වෙන්නට ඉඩ තිබෙනවා. සම්මුඛ පරීක්ෂණවලින්, තරග වලින් ජය අත්වෙන දවසක්. අනාගත දියුණුව සදහා සැලසුම් සකස් කරාවි. අඹු සැමියන් අතර සතුට වර්ධනය වන දවසක්.

ජය වර්ණය: විසිතුරු  පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

දුර දිග සිතා බලා කටයුතු කරන දවසක්. අධ්‍යාපන ක්‍රීඩා ක්ෂේත්‍රයේ කටයුතු කරන යට ජය අත්වන්නට වැඩි ඉඩ කඩක් පවතිනවා. කේලම් ඕප දූප නිසා සිත් තැවුල් ඇතිවෙන්න පුලුවන්. අලාභ පාඩු සිදුවිය හැකි දවසක්.ග මන් බිමන් වලින් ප්‍රීතිය සහ වාසිය අත්වන දවසක්. හැගීම්බර වීමෙන් වලකින්න.

ජය වර්ණය: කොළ  පැහැය                                                    ජය අංකය: 05

කටක ලග්නය

අධික ලෙස කේන්ති යන දවසක්.ඒ නිසා ඉවසිලිවන්තව කටයුතු කරන්න.ශරීර සෞඛ්‍යට යම් යම් බාධා ඇතිවෙන්න පුළුවන්. වැඩිහිටියන්ගේ බසට අවනත වීමෙන් දවසේ වැඩකටයුතු සාර්ථක කරගන්න පුළුවන්.

ජය වර්ණය: ලා නිල්  පැහැය                                                           ජය අංකය: 06

සිංහ ලග්නය

ප්‍රමාද වූ කටයුතු සාර්ථක කරගන්න හැකියාව ලැබෙන දවසක්. ලැබිය යුතු මුදලක්,උසස් වීමක්යි,අයිතිවාසිකමක් නොලැබී තිබුනානම් නිසැකවම ඒවා හිමිවේවි. මංගල යෝග උදාවන දවසක්. යම් කිසි නීතිමය ගැටලුවකට මුහුණපා සිටියානම් එයින් නිදහස් විය හැකියි. අලුත් හිත මිතුරන් හමුවීමට ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමට ඉඩ කඩ හිමිවන දවසක්.

ජය වර්ණය: රෝස පැහැය                                         ජය අංකය: 06

කන්‍යා ලග්නය

පැවති බාධා, සිත් තැවුල් නැතිවී බලාපොරොත්තු සඵල වන දවසක්. ආරථික ශක්තිය වර්ධනය වේවි. තම දුවා දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට වෙහෙසේවි. දරු ඵල නොමැතිව සිටි අයට දරු ඵල ලබන්නට වාසනාව පවතිනවා.

ජය වර්ණය: ලා කොළ  පැහැය                                       ජය අංකය: 02

 

තුලා ලග්නය

ඔබගේ ජයග්‍රහණය තහවුරුවන පිරිස් බලය හිමිවන දවසක්. බාධක මැද වුවද ජයග්‍රහණය හිමිවේවි. වෙළද ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේවි. සතුටින් ගතකිරීමට උත්සහ කරන දවසක්. නඩු හබ සහ නීතිමය ප්‍රශ්න වලට මැදිහත් නොවී සිටීමට වග බලාගන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                                      ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

බාධක යටපත්වී බලය තහවුරුවන දවසක්. ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දවසක්. ආත්ම ගෞරවය පිලිබදව සිතා බලා තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. දෝෂාරෝපණ එල්ලවෙන්න පුළුවන්. විදෙස් ගමන් සිහින සාර්ථක වන දවසක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                                               ජය අංකය: 08

ධනු ලග්නය

ඔබගේ තරාතිරම අනුව යහපත් සම්බන්දතා ඇතිවන, ඔබගේ බුද්ධියට ශ්‍රමයට නිසි වටිනාකමක් හිමීවන දවසක්. මංගල යෝග උදාවන දිනයක්. පවුලේ සමගිය ඇතිවන, පසුගිය කාලයේ තිබු ප්‍රශ්න වියැකී යන දවසක්. නම්‍යශිලිව කටුයුතු කරන්න. මත ගැටුම් ඇතිකරගන්න එපා.

ජය වර්ණය: රන්වන්  පැහැය                                                  ජය අංකය: 02

 

මකර ලග්නය

රහස් සතුරු බලවේග මර්ධනය වන දවසක්. රැකී රක්ෂා තනතුරු අපේක්ෂාවෙන් සිටියානම් ඒවා ඉටුවේවි. අන් අයගේ ප්‍රසාදයට ලක්වන දවසක්. වචනය පරිස්සම කරගන්න, වචනය නිසා හොද හිත පලුදු වෙන්න පුළුවන්.

ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

ඔබගේ වැඩ කටයුතු සදහා තිබු බාධාවන් පහව යන දවසක්. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ප්‍රයෝජන අත්වේවි. අධ්‍යාපනික කටයුතු වල නිරත දරුවනට සාර්ථක දවසක්. පහුගිය දවස්  කිහිපයේ යම් ලෙඩකින් පිඩා වින්දානම් එයින් සුවයක් අත්වේවි. වෙනත් භාෂාවන් හදාරන්න විදෙස්ගතවන්න කටයුතු සැලසුම් කිරිය හැකි දවසක්.

ජය වර්ණය: ලා රෝස පැහැය                                                ජය අංකය: 09

 

මීන ලග්නය

පිරිසිදු සුන්දර අදහස්  ගලාඑන දවසක්.ලේඛන කලාවේ නියුතු අයට ප්‍රසිද්ධ වීමේ වාසනාව තිබෙනවා.ඔබගේ ආත්ම ගෞරවයට හානි වෙන්න පුළුවන්. රැකියාව පිලිබදව උනන්දුවෙන් කටයුතු කලයුතු දවසක්. නැතිනම් ගැටලුකාරී තත්වයන් මතුවෙන්න පුළුවන්.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                                      ජය අංකය: 03


News Articles
Latest Videos
Most Popular Post