News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

620 Views


අද ලග්න දෙකකට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි  20 වන සිකුරාදා  
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.43 සිට 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට 12.16 දක්වා 
සුභ දිශාව: උතුරු 
මරු සිටින දිශාව: ගිනිකොන 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන්    පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

කායික ශක්තිය වැඩිවන දවසක් . සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල්   පැහැය                                                ජය අංකය: 07

මිථුන ලග්නය

දුදරුවන්ගේ වැඩකටයුතු සාර්ථක වෙන දවසක්. අද දවස බොහෝ සාමාන්‍ය ලෙස සතුටින් ගතකල හැකි දවසක්. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නත් ඔබට අද අවස්ථාව හිමිවනවා ඒ වගේම තමයි ඔබ උගත් දෙයින් ඔබ සිතනවාටත් වඩා සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන්  ආගමනුකුලව දවස අරඹ කරන්න .
ජය වර්ණය: ලා කොළ පැහැය                                                    ජය අංකය: 03

කටක ලග්නය

ගේදොර ඉඩකඩම් වැඩකටයුතු වලට සුබ දවසක්. ඒවගේම තමයි ගේදොර අලුත් වැඩිය කටයුතු වලටත් සුබ දවසක්. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                           ජය අංකය: 07

සිංහ ලග්නය

කොන්ද, තුනටිය, මුත්‍රාශය ආශ්‍රිත විටින් විට සුළු සුළු රෝගකාරී තත්ත්වයන් ඇතිවිය හැකි දවසක් ඒවගේම හිතේ ශක්තියෙන් වැඩ කටයුතු කළහැකි දවසක් ලෙස අද දවස පෙන්නුම් කරනවා ඒ වගේම තමයි අගමනුකුලව දවස අරඹ කරන්න දවසම සුබයි .
ජය වර්ණය: ලා කහ  පැහැය                                         ජය අංකය: 09

කන්‍යා ලග්නය

කතාවෙන් බහෙන් ඔබ අද දවස අන් අයව වසඟයට ගන්න දවසක්  ඒවගේම සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස ආගමනුකුලව දවස ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                       ජය අංකය: 05

තුලා ලග්නය

අද දවස ඔබට සුබ දවසක්. කියන කරන දේවල් වලින් අද දවස ඔබට ඉතාම සාර්ථකයි ඒවගේම තමයි එම දේවල් නිසා අන් අය ඔබව බොහෝ ලෙස පිළිගන්න දවසක්.  එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල්  පැහැය                                      ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

වචන සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්න. සුළු සුළු ගැටළු කාරී තත්වයන් ඇති උවද ඒවා මැඩ පැවැත්විය හැකි දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන්. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද  යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

රැකි රක්ෂා කටයුතු වලින් ඔබට සුබ දවසක්. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                                  ජය අංකය: 02

මකර ලග්නය

ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. පස්සට දාපු වැඩ ආරම්භ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව  වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය: කහ  පැහැය                                 ජය අංකය: 07

කුම්භ ලග්නය

දවස සුබ දවසක්. පෙර පින ස්මතුවන දවසක්. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල්  පැහැය                                                ජය අංකය: 07

මීන ලග්නය

අතගහන වැඩ සාර්ථක වෙන දවසක්  අධ්‍යාපන කටයුතුවලදී වෙනදවට වඩා විමසිලිවන්ත විය යුතුයි. ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: රතු  පැහැය                                           ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353
 


News Articles
Latest Videos
Most Popular Post