News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

අද ලග්න 2 කට ප්‍රේමණීය සබඳතාවලට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

979 Views


අද ලග්න 2 කට ප්‍රේමණීය සබඳතාවලට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි  මස 20 වන බදාදා

රාහු කාලය: දිවා කාලය උදෑසන 12.12 සිට 10.46 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට1.38 දක්වා

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: නිරිත  වයඹ

 

මේෂ ලග්නය

අද දවස ඔබට සුබ දවසක් විදියට සැලකෙනවා , නෑදෑ මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබෙනවා ,සතුරන්ව පවා මිතුරන් කරගන්න පුළුවන් , දවසම සිනහවෙන් කටයුතු කරන්නත් අන් අයව සිනහවෙන් පුරවන්නත් ඔබට පුළුවන්.තරමක පීඩා කාරී තත්වයන් ආවත් ඒවා ඔබට සුළු දේවල් ලෙසින් හරවාගත හැක

ජය වර්ණය: රන් වන්  පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

වචනෙන් වැඩ පෙන්වන්න පුළුවන් දවසක් අන්‍ය දේශිත අන්‍ය ජාතික පුත්ගලයන්ගෙන් උදවු උපකාර ලබාගන්නත් ඔවුන් සමග කරන කටයුතු සාර්ථක කරගනත් අවස්ථාව හිමිවන දවසක්, කායික මානසික පීඩා දුරුවන දවසක් දෙමා පියන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක්.

ජය වර්ණය: ලා දම්  පැහැය                                                ජය අංකය: 07

මිථුන ලග්නය

අද දවස ඔබගේ දැනුම වර්දනය වනදවසක් දැනුමෙන් තීරණ ගන්න නිසා ඔබ ගන්න තීරණ වලට අන් අය  විමතියටද ලක්විය හැක , රකී රක්ෂා වෙලා හෙළදාම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන් අද දවසේදී

ජය වර්ණය: කොළ  පැහැය                                                    ජය අංකය: 07

 

 

කටක ලග්නය

ලිපි ලේඛන ආදී කටයුතු ඉහල නිලදාරීන් සමග කරන කටයුතු වලින් වඩාත් ප්‍රවීසම් වෙන්න ඕනේ , පුංචි පුංචි වැටීම් වලදී වටෙන් නැතුව ශක්තිමත්ව කටයුතු කරන්න ඕනේ හැකියාවක් තියෙනවනම් සූරිය පිරිත වරක් හෝ සත්ගයනා කරන්න.

ජය වර්ණය: ලා කහ  පැහැය                                                           ජය අංකය: 07

සිංහ ලග්නය

අතපය ආශ්‍රිත රෝගී තත්ත්ව තිබුනානම් ඒවා දුරු වෙනවා කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව පවා දුරු වෙනවා , ඔබගේ ගොඋරවය ඉස්මතු වෙනවා සමාජ ගොඋරවය පවා ලැබෙනවා , අන් අය සමග බොහොම මිත්‍ර ලීලාවෙන් කටයුතු කරන්න පුළුවන් දවසක් විදියට අද දවස ඔබට හඳුන්වන්න පුළුවන් දවස සර්තකකරගන්න සිනහ මුසු මුහුණින් ගනුදෙනු කරන්න .

ජය වර්ණය: ලා කොළ  පැහැය                                         ජය අංකය: 09

කන්‍යා ලග්නය

අත ගහන හැම වැඩක්ම සාර්ථක කරන්න ඉල්ලන උපකාර නොඅඩුව ලැබෙන දවසක් අද දවස , ඉහල නිලදාරීන්ගෙන් යමක් ඉල්ලන්න උසස් වීමක් ඉල්ලන්න බලාපොරොත්තු උනානම් ඔන්න අද තමයි හොඳම දවස ,සිත ප්‍රීතියෙන් පිනා යන දවසක් .

ජය වර්ණය: සුදු පැහැය                                       ජය අංකය: 07

 

තුලා ලග්නය

රැකී රක්ෂා කටයුතු වලට අද දවස යෝග්‍ය දවසක් විදියට හඳුන්වන්න පුළුවන් දෙමවු පියන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක් ඔබත් අන් යට උදවු උපකාර කරන්න යන දවසක් හැබැයි අන් යට උදවු කරන්න යාමෙන් ඔබට ගැටළු ඇතිවීමටද පුළුවන් දවසක්

ජය වර්ණය: රන් වන්  පැහැය                                      ජය අංකය: 07

වෘශ්චික ලග්නය

 

ඔන්න ඔබ අද අතගහන කටයුතු වලට ඉහල නිලධාරීන්ගෙන් දෙමවු පියන්ගෙන් බාදා එල්ල වෙනවා එනිසා අතගහන අතගහන වැඩේ කල්යන ස්වභාවයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ , හැබැයි ඔබ විදේශ ගත වෙන්න හිතනවානම් අන්න අද දවස ඔබට ඒ සඳහා සුබයි .

ජය වර්ණය: ලා දම්  පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

ප්‍රේමනීය සබදතාවලට ඉතාම සුබ දවසක් විදියට අද දවස හඳුන්වන්න පුළුවන් , පුළුවන් තරම් ඔබගේ පරිචය වැඩි කරගන්න උත්සහ කරන්න ඔබේ දැනුමට ලිපි ලේකන ආදියට මුල් තැන දෙන්න , පුළුවන් කමක් තියෙනවනම් ඔබගේ වයස ප්‍රමාණයට ස්වාබහවික මල් මාලයක් ගොතලා ඔබගේ සස්ත්රුවරයන්ට පූජා කරන්න

ජය වර්ණය: ලා රතු පැහැය                                                  ජය අංකය: 07

 

මකර ලග්නය

ආහාර ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවෙන්න පුළුවන් උදරගත රෝගනිසා මානසික පීඩා කාරී තත්වයන් පවා ඇතිවිය හැක ,ණය මුදලක් ලබා ගැනීමටනම් අද දවස සුබයි නමුත් ඇප වෙන්න නම් එතරම් සුබ දවසක් නොවෙයි අද දවස .

ජය වර්ණය: රන් වන්  පැහැය                                 ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

දැනුම වර්ධනය වෙනවා දරුවන්ගේ කටයුතු සාර්ථක වන දවසක් අද දවස , ඔබ ජලාශ්‍රිත පරිසර වලදී වගේම රිය ධාවන කටයුතු වලදී වඩාත් සැලකිලිමත් වෙන්න , දෙමවු පියන්ගේ කටයුතු වලදී වැඩිපුර සැලකිලිමත් වෙන්න ඔවුන්ට කරදර පීඩාකාරී තත්ත්ව ඇතිවිය හැක

ජය වර්ණය: විසිතුරු  පැහැය                                                ජය අංකය: 06

 

මීන ලග්නය

ගෙවල් දොරවල් ආශ්‍රිත කටයුතු යාන වාහන කටයුතු ඉතා උසස් තත්වයකට පත්කරගන්න පුළුවන් අද දවසේදී , රහසිගත මිතුරන් මුණ ගැහෙනවා ඒ වගේම ප්‍රේමනීය සබදතවලට ඉතාමත්ම යෝග්‍ය දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන් , දුර බැහැර නෑදෑයන් ඔබව හොයාගෙන එනවා , දවසම සුබ වේවි ඔබට .

ජය වර්ණය: ලා කොළ  පැහැය                                           ජය අංකය: 07

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක

දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post