News Line| Off Air| Games
Generic placeholder image

Jul
2

ගල්කිස්සේ ATM යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදහන්.

397 Views


ගල්කිස්සේ ATM යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදහන්.

ATM කියන්නේ මුදල් භාවිතය පහසු කරවන යන්ත්‍රයක්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් මේ වෙද්දී අවදානමට ලක් වෙලා තියෙනවා. ATM යන්ත්‍ර කඩලා මුදල් ලබා ගත්ත අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා.

පුද්ගලික බැංකුවකට අයත් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වෙලා තියෙනවා. අදාළ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම ATM කුටිය පාලනය වෙන්නේ. එහි මුදල් තැන්පත් කිරීම වෙනත් පුද්ගලික සමාගමක් මගින් සිදු කරනවා.

මීට දින කිහිපයකට කලින් පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් කුටියේ මුදල් ගණනය කිරීමේ දී රුපියල් ලක්ෂ 35 ක මුදල් ප්‍රමාණයක් අඩු වෙලා කියලා හොයාගෙන තියෙනවා. හැබැයි ATM යන්ත්‍රයට විදියක හානියක් වෙලා නෑ.

මේ ATM යන්ත්‍රයේ දොරගුලු විවෘත කිරීමේ සියලු තාක්ෂණ දැනුම තිබෙන්නේ පෞද්ගලික බැංකුව මගින් බලය පවරා තිබෙන සමාගමට විතරයි කියලා පොලීසිය සඳහන් කරනවා.කරනවා.


News Articles
Latest Videos
Most Popular Post