News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

ගිහාන්ගේ අභිරහස් මරණය ගැන Aura නායකයාගෙන් Facebook සටහනක්.

2507 Views


ගිහාන්ගේ අභිරහස් මරණය ගැන Aura නායකයාගෙන් Facebook සටහනක්.

Aura සංගීත කණ්ඩායමේ සාමාජික ගිහාන් පහුගිය දවසක් දුම්රියේ ගැටිලා මිය ගිහින් තිබුණා. සමහරු මේ මරණය සියදිවි හානි කර ගැනීමක් කියද්දී ගිහාන්ගේ මරණය ඝාතනයක් කියලත් සමහරු චෝදනා කරා.

Aura සංගීත් කණ්ඩායමේ නායකයත් ගිහාන්ගේ මරණය ගැන Facebook සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන්.

“ගිහාන් මල්ලියා…උඹ කවදාවත් මේ වගේ තීරනයක් ගන්න කොල්ලෙක් නෙමෙයි..මට මගේ ජීවිතයේ හම්බ උන හොඳම සගයා උඹ,බෑන්ඩ් එකෙ තමන්ගෙ ඩියුටි එක දශමෙටම කරලා.තවත් එයිට වඩා දෙන්න පුළුවන් සහයත් දීලා..අවංක කම 100% ක්ම රැකපු උඹ වගේ චරිතයක් අායේ කිසිම දවසක ලැබෙයි කියලා මම හිතන්නේ නෑ…මේක අපිට නොපෙනෙන,අපිට හිතාගන්න බැරි ලොකු රහසක් තියෙන මරනයක්..කවදා හරි අැත්ත එලියට එයි..උඹ හම්බකරපු සල්ලි මොන යකා ගිල්ලද කියලා අපිට වගේම උඹලගේ ගෙදර අයටත් ප්‍රශ්නයක්…කවුරු කොහොම මොනදේවල් උපකල්පනය කරලා කිව්වත් අැත්ත දන්නේ උඔම තමයි ගිහාන් මල්ලියෝ…මට උඹ නෑ කියන එක හිතාගන්නවත් බෑ,එ්ත් අපියි කියලා මොකක් කරන්නද දැන් උඹගේ නිසල දේහය දිහා බලං ඉංනවා අැරෙන්න…උඔගෙ මට සහ බෑන්ඩ් එකට තිබුනු සේවය සදා අපේ හදවතේ පවතීවි…කොහේ හෝ ඉඳන් අපි දිහා බලං ඉඳපං මල්ලි,,නිවන් දකින්න උඹ තරන් සුදුස්සෙක් මට නම් හමුවෙලා නෑ…අපි ජීවිතේ ඉදිරි ගමනට ශක්තිය ගන්නම්..උඹට අමා මහා නිවන් සුව අත්වේවා….”


News Articles
Latest Videos
Most Popular Post