News Line| Off Air
Generic placeholder image

Dec
5

නීතිවිරෝධී සංක්‍රමණිකයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට

Generic placeholder image

මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 16 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ නාවික හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදි මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මඩකලපුව, වාකරේ, එරාවුර් ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්. ඔවුන් අවුරුදු 24 ත් 32 ත් අතර වයස්වල පසුවන්නන් බව අප වාර්තාකරු පැවසුවා. සැකකරුවන් මුහුදු මාර්ගයෙන් මෙරටින් පිටවීම සඳහා […]


Dec
5

පාසල් නිල ඇඳුම් වෙනුවෙන් යළිත් වව්චර්පත්

Generic placeholder image

ලබන වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාගැනීම වව්චර්පත් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා. වව්චර් පත් ලබා දීමේ දී උසස් පෙළ සිසුන්ට අමතර ප්‍රතිපාදනයක් වෙන්වන බවයි ඒ මහතා කියා සිටියා. උසස් පෙළ සිසුන්ට ලබා දී තිබු […]


Dec
5

රංජන් අද සා පෙළ ඉංග්‍රීසි විෂයට පෙනී සිටියි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටී තිබෙනවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ තමන්ට සාමාන්‍ය පෙළ විභාගයේ දී ඉංග්‍රීසි විෂය සඳහා ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයක් (S) බවත් නීති ප්‍රවේශය සඳහා සම්මාන සාමාර්ථයක් අවශ්‍ය බැවින් අද දින විභාගයට පෙනී සිටි බවයි. ඒ […]


Dec
5

ගම්මිරිස් මිල ඉහළ යයි

Generic placeholder image

රුපියල් 450 ක්ව පැවති ගම්මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 800 – 850 ත් දක්වා ඉහළ ගොස් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.


Dec
5

විදේශ රැකියා සදහා වන ලියාපදිංචිය ගාස්තුව පහලට

Generic placeholder image

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව විවිධ භාණ්ඩ හා සේවා සඳහා අයකරනු ලබන බදු වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එම බදු සහනය හේතුවෙන් විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු හා ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු ද සංශෝධනය වී ඇති අතර […]


Dec
5

වසා දැමු බදුල්ල – පස්සර මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේ

Generic placeholder image

පස් හා ගල් කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ දින සිට වසාදැමූ බදුල්ල-පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද(05) දහවල් වාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා. ආරක්ෂක පියවරක් ලෙස යළි අද සවස 6.00 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවා.


Dec
5

පෝලන්තයේ ගෑස් පිපිරීමකින් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

Generic placeholder image

පෝලන්තයේ දකුණුදිග ස්තිර්ක් නගරයේ පිහිටා තිබූ තෙමහල් ගොඩනැඟිල්ලක සිදුවූ ගෑස් පිපිරීමක් හේතුවෙන් තෙමහල් ගොඩනැඟිල්ලක් කඩාවැටී තිබෙනවා. ඉන් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී ‌නොමැති අතර එම ගොඩනැගිල්ලේ පිහිටි නිවාසවල පුද්ගලයන් නව දෙනෙක් වාසය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.


Dec
5

සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ පවතින සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර එම ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමටද […]


Dec
5

ඥාණසාර හිමියන්ට එරෙහි පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන වසරට කල් යයි

Generic placeholder image

බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි […]


Dec
5

කණ්ඩලම වාන් දමයි – ගමනාගමනයට දැඩි බලපෑම්

Generic placeholder image

පවතින අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ජලාශ වාන් දැමීමට ලක්ව තිබෙනවා. ඒ අතර කණ්ඩලම වැව වාන් දැමීම ඊ්‌යේ පස්වරුවේ සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසනවා. අඟල් හයක් පමණ මෙලෙස වාන් දැමූ කණ්ඩලම වැව අද දින උදෑසන වනවිට අඩි එකහමාරක් පමණ දක්වා එය වර්ධනය වී ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් දඹුල්ල වෑවල වැව යන […]


Dec
5

රංජිත් ද සොයිසාගේ දේහය දිවයිනට රැගෙන එයි

Generic placeholder image

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය ඊයේ රාති‍්‍රයේ දිවයිනට රැගෙන එනු ලැබු අතර අද ඒ මහතාගේ දේහය රත්නපුර, ගොඩකවෙල ප‍්‍රදේශයට රැගෙන යාමට නියමිත තිබෙන බව වාර්තා වෙනවා. මිය යන විට ඒ මහතා 57 වන වියේ පසුවුණා.


Dec
5

ට්‍රම්ප් එරෙහි දෝෂාභියෝගයක්

Generic placeholder image

ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ඩිමෝකට්‍රීස් පක්ෂ කමිටුව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා ප්‍රබල සාක්ෂි පවතින බව සදහන් කරනවා. අනුව ඔහුට එරහිව මෙම දෝෂාභියෝගය ගෙන එම කඩිනම් කරන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමාට එරහිව සිදු කරන මෙම ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් තමාට එරහිව […]


News Articles
Latest Videos
Most Popular Post