News Line| Off Air
Generic placeholder image

Nov
29

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට

Generic placeholder image

ඉකුත් දා ගල්ගමුව සහ අඹන්පොළ අතරතුරදී යාල් දේවී දුම්රිය පීලිපැනීමට ලක් වූ අතර ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී තිබුණා. ඒ අනුව කඩිනමින් එම නඩත්තු කටයුතු අවසන් කල හැකි බවයි දුම්රිය දෙපර්තුම්නේතුව සදහන් කලේ. ඒ අනුව අද උදෑසන කොළඹ සිට යලි දුම්රිය ධාවනයට ලක් කරන බවයි වාර්තා වන්නේ.


Nov
29

ජනපති අද ඉන්දීය අගමැති හා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක

Generic placeholder image

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු විදෙස් සංචාරය ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත් වුණා. නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් ඉන්දියාවට පැමිණි ජනාධිපතිවරයාව එරට රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිංග මහතා විසින් පිළිගනු ලැබුවා. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති […]


Nov
29

අදත් තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු-මැද, පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් […]


Nov
28

ලොව පුරා ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටීමකට ලක්වෙයි

Generic placeholder image

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය අඩවි දෙක ලොව පුරා බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් දහස් ගණනක් පරිශීලකයින් අපහසුතාවන්ට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. අද (28) රාත්‍රී 6.30ට පමණ මෙම සමාජ මාධ්‍ය ජාල අඩවි දෙක බිදවැටීම පිලිබදව ගැටළු වාර්තා වී තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් පරිශීලකයින්ට තම ගිණුම්වලට පිවිසීමට නොහැකි වී ඇති බව […]


Nov
28

වසීම් තාජුදීන් ඝාතනය සම්බන්දයෙන් හෙළිදරව්වක්

Generic placeholder image

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ යටපත් කිරීම සඳහා රාජපක්ෂවරුන් බලපෑම් කළ බවට අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් තමන්ට බලපෑම් කළ බව නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති හිටපු පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා මහතා පවසනවා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද කොළඹදී කැඳවා තිබූ […]


Nov
28

මාලදිවයින් හිටපු ජනපතිට වසර 5 ක සිරදඬුවමක්

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්. සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.


Nov
28

පළමු විදෙස් නිල සංචාරයේ යෙදුණු ජනපති ඉන්දියාවට ළඟාවෙයි

Generic placeholder image

රාජ්‍ය සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ළගාවී තිඛෙනවා. එරට අමාත්‍ය වී කේ සිං මහතා විසින් ජනාධිපතිතුමාව උණුසුම් ලෙස පිලිගනු ලැබුවා. අමාත්‍යවරුන් හෝ කිසිදු දේශපාලනඥයෙකු මෙම සංචාරයට එක් නොවීම විශේෂත්වයක්. හෙට දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ඨපති භවන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ජනාධිපතිවරයා ඉන්දීය […]


Nov
28

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දෙයි

Generic placeholder image

ඊයේ දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු අද දිනයේ රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කංචන විජේසේකර තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස සහ ඉන්දික අනුරුද්ධ නිවාස පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දෙනු ලැබුවා. නිමල් ලන්සා ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දී තිබෙනවා.


Nov
28

ආදායම මත උපරිම බදු ප්‍රතිශතය අඩු කෙරේ – බැංකු ගිණුම් පොලිය මත අය කළ රැඳවුම් බද්ද අහෝසි වෙයි

Generic placeholder image

සියයට 24 ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග සියයට 18 දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා. ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්ෂ 50,000 සීමාවේ සිට සියයට 6, සියයට 12 සහ සියයට 18 වශයෙන් බදු ප්‍රතිශත 3 ක් හඳුන්වාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති […]


Nov
28

ලකුණු 4 කට දැවී යාම පිලිබඳ කණගාටුවෙන් ස්මිත් තමන්ටම දඬුවම් කරගනී

Generic placeholder image

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් ස්මිත් සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 4 කට අඩු ලකුණු මට්ටමකට දැවී යාම හේතුවෙන් තමන් විසින් තමන්ට දඬුවම් කරගෙන ඇති පුවතක් වාර්තා වනවා. බ්‍රිස්බේන් හිදී පැවති එම තරගාවලියේ ලකුණු 5ක දැවැන්ත ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. එම තරගයේ දී ලකුණු 4කට දැවී ගිය […]


Nov
28

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් ප්‍රධානීන්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ආරක්ෂාව සඳහා ධුමායන කටයුතු සිදුකරන ලෙසට පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. විභාගය පැවැත්වීමට පෙර හෝ ඉරිදා දිනයකදී සෞඛ්‍ය නිලධාරින් සමග සාකච්ඡා කර එම ධුමායන කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී ඇති බව සදහන්. ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර […]


Nov
28

ජපන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී පලදන්න හිස් වැසුමක්

Generic placeholder image

හදිසි අවස්ථාවකදී පැලඳිය හැකි හිස් වැසුමක් ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දී තිබෙනවා. ඒ භූකම්පන වලින් ආරක්ෂාවීමේ එක් පියවරක් ලෙසයි. ජපානය නිරන්තරයෙන් භූමිකම්පාවලට මුහුණ දෙන රටක් වන අතර භූකම්පන වලින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා ඔවුන් විවිධ අත්හදාබැලීම් සිදුකරනවා. පාර්ලිමේන්තු සැසිවාරයක් අතරතුරදී ඇතිවිය හැකි භූකම්පනයකට මුහුණදීම සම්බන්ධයෙන් පසුගිය දිනක මන්ත්‍රීවරුන් දැනුවත් කර අති අතර […]


News Articles
Latest Videos
Most Popular Post