News Line| Off Air
Generic placeholder image

Nov
26

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ අයඳුම්කරුවන්ට දැනුම්දීමක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4,987 ක දෙසැම්බර් මස 2 වන දින ආරම්භ කිරීමට නියමිතයි. විභාගය දෙසැම්බර් මස 12 වන දින තෙක් පැවැත් වෙනු ඇති. එම විභාගයට පෙනී සිටින පෞද්ගලික අයඳුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් මගින් යවා තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයඳුම්කරුවන් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් […]


Nov
26

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම හෙට උදෑසන 9 ට

Generic placeholder image

නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් හෙට උදෑසන 9 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.


Nov
26

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් නව පාසල් වාරය ආරම්භයේදී

Generic placeholder image

ලබන වසර සඳහා පාසල් නිල ඇඳුම්, නව පාසල් වාරය ආරම්භයේදීම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා ප්‍රකාශ කළා.


Nov
26

තුන්වන පාසල් වාරය මේ මස 29 වනදා අවසන්

Generic placeholder image

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා. ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දුන්නා. අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට […]


Nov
26

අල්බේනියාවේ භූ කම්පනයක්

Generic placeholder image

අල්බේනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම හතරක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. භූ කම්පන තත්ත්වය හේතුවෙන් ගොඩනැඟිලි රැසක් කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඇල්බේනියාවේ ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්න‌ේ භූ කම්පනය සිදුවන අවස්ථාවේදී ගොඩනැගිල්ලකින් පැනීමට උත්සාහ […]


Nov
26

නව රජයේ පළමු කැබිනට් රැස්වීම හෙට

Generic placeholder image

නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසුවා. මහ මැතිවරණය පවත්වන තෙක් 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් ජනපති ගෝඨාභය […]


Nov
26

නාමල්ට රට යන්න අවසර

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදලි විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට පෙබරවාරි මස 10 වනදා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතා විසින් […]


Nov
26

බස්නාහිර පළාතේ විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝගයක්

Generic placeholder image

බස්නාහිර පළාතේ මාර්ග දෙපස පිහිටි විදුලි සහ දුරකථන කණුවල සවි කර ඇති බැනර් සහ කටවුට් අද පස්වරුව වන විට ඉවත් කරන ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන සිට එම බැනර් සහ කටවුට් කම්කරුවන් ලවා ඉවත් කිරීම සිදුවන බව පොලිස් පරිසර කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු […]


Nov
26

ඉන්දීය නිරීක්ෂක් ත්‍රිකුණාමල වරායට

Generic placeholder image

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු වුණා. එහිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලද අතර නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් බීකේ ප්‍රසාන්ත් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවුණා. ඒ අනුව පුහුණු සංචාරය නිමා කිරිමෙන් […]


Nov
26

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට මොහාන් සමරනායක පත් කෙරේ

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක 04ක පරිචයක් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තියට පිවිසියේ දවස පුවත්පතේ උපකර්තෘවරයකු ලෙසිනි. ඉන්පසු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙස සේවය කළ ඔහු පසුව වසර 05ක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවූ ඒ මහතා කොළඹ එක්සත් […]


Nov
26

උසස් පෙළ ප්‍රතිඵල ලබන මස අවසන් සතියේ

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබන මසදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේ උසස් පෙළ ප‍්‍රතිඵල ලබන මස අවසන් සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙවර විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.


Nov
26

ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග වලට TNA සහාය

Generic placeholder image

නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පවසනවා. එතුමා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවේම කටයුතු කරන බවට කිසිවෙකු නොසිතිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වැරදි දේ වෙනුවෙන් කිසිවිටෙකත් සහයෝගය ලබා […]


News Articles
Latest Videos
Most Popular Post