News Line| Off Air
Generic placeholder image

Nov
25

හම්බන්තොට වරාය 99 වසරක් චීනයට බදු දීම පසුගිය රජය කළ වැරැද්දක් බව ජනපති කියයි

Generic placeholder image

ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Nov
25

ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින් සුහද කතාබහක නිරත වී තිබෙනවා. නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.


Nov
25

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, පැවැත්වීම තහනම්

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනව. යම් […]


Nov
25

සුපිරි නළු ධනුෂ්ගේ සහ රාජිණිකාන්ත්ගේ චිත්‍රපට 2ක් පොංගල්දා තිරයට

Generic placeholder image

දකුණු ඉන්දීය සුපිරි නළු රාජිණිකාන්ත් රංගනයෙන් දායක වන ‘ඩර්බර්’ චිත්‍රපටය 2020 ජනවාරි 15 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතව තිබෙනවා. ඒ අතර ජනප්‍රිය නළු ධනුෂ්ගේ ‘පට්ටාස්’ චිත්‍රපටයද ලබන වසරේ ජනවාරි 15 වැනිදා දිනම තිරගත කිරීමට මේ වනවිට සැලසුම් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසනවා. මෙම චිත්‍රපට දෙකම ‘පොංගල්’ දිනය නිමිත්තෙන් එකම දින ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති […]


Nov
25

අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාළගුණයෙන් ඉල්ලීමක්

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ යන පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි. ඒ අනුව සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට විමසිලිමත් […]


Nov
25

දනිත් ශී‍්‍ර හින්දි ෆිල්ම් බලලා ඉගෙන ගත්ත අමුතුම දේ

Generic placeholder image

රෑ දහයයි ගී දහයයි තුළින් ශී‍්‍ර ලංකාවේ ජයපි‍්‍රයම පුද්ගලයන්ගේ ජීවිතය හා බැදුනු ඔවුන් ආස කරන ගීත දහය ගැන දැනගන්න ඒවාට සවන් දෙන්න සියත 24 හරහා දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනපි‍්‍රය ගායන ශිල්පී දනිත් ශී‍්‍ර සමග රෑ දහයයි ගී දහයයි වැඩසටහන. Click Here


Nov
25

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පසුගිය සමයේ සිදුවූ ඝාතන සහ කප්පම් සිද්ධීන් කිහිපයකට අදාළ නඩු කිහිපයක් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහුව යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.


Nov
25

කොංගෝවේ ගුවන් අනතුරක් – 27ක් මරුට

Generic placeholder image

කොංගෝවේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බළධාරීන් පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කළ මඟින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. මිය ගිය සෙසු පුද්ගලයින් යානය අනතුරට ලක්වී කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිසක් වන බව කොංගෝ බළධාරීන් පවසනවා. අනතුරට හේතුව මෙතෙක් […]


Nov
25

CID නිලධාරින් 704 කට විදේශගත විම තහනම්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ . ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන […]


Nov
25

රට පුරා පරිසර ආරක්ෂණ වැඩපිළිවෙල යලි සක්‍රීය වෙයි

Generic placeholder image

සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණෙන් රට පුරා පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදය යලි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස් පාරිසරික කොට්ටාසයත්, පොලිස් පාරිසරික දිසාවත් යලි ප්‍රතිසංධානය කරමින් මෙම ක්‍රමවේදය සදහා අවස්තාව ලබා දී තිබෙනවා.


Nov
25

අහුන්ගල්ල ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

Generic placeholder image

ඊයේ පස්වරුවේ අහුන්ගල්ල-බලපිටිය ප්‍රදේශයේ දී ෆේස්බුක් සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තරුණියන් 03 දෙනකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අවුරුදු 17 – 30ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට […]


Nov
25

යුද හමුදා කඳවුරු තුළ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීමට අවසර

Generic placeholder image

යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post