ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට සුලු වේලාවකට පෙර අවසන් කළ අතර ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිදු කරනු ලබන දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු සඳහා දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් විශ‍්‍රාමික නිලධාරීන්ගේ සේවය අද සිට ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. දින ගණනාවක් පුරා පවතින මෙම වර්ජනය නිසාවෙන් මගින් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා. වර්ජනය පැවතියද අද දුම්රිය 10 […]
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය අද කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පලමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ නිසා විනිසුරුවන් විසින් තරගය නවතා දැමීමට තීරණය කෙරුණා. කෙසේ වෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බවට එරට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. අද තරගය මෙරට වේලාවෙන් […]
දෙමල ජාතික සන්ධානය මෙවර ජනපතිවරණයේදී සහය ලබා දෙන පක්ෂය පිළිබද බොහෝ දෙන අවධානයෙන් පසුවෙනවා. ගෙවීගිය කාලය තුල සිය සන්ධනයේ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරන බවට යම් මතයන් පල කර තිබුනද සන්ධානයක් වශයෙන් මෙවර ජනපතිවරණයේදී පුර්ණ සහය දෙන පක්ෂය හෝ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අවසන් තීරණයකට එළබ නොමැති බව දෙමළ […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තෙට හා මත්තල දිගුව නුදුරේදීම ජනතා අයිතියට පත්කිරීම හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ නිසා කොට්ටාව සිට මත්තල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අවසන් වනවා. එතැන් පටන් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ සිවුවැනි අදියර වන අන්දරවැව – හම්බන්තොට දක්වා ලෙස මෙම අධිවේගි මාර්ග ඉදිකර තිබෙනවා. මේ සදහා අයෝජනය කර ඇති මුදල රුපියල් බිලියන […]
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේද සහය හිමිවන බව ඊයේ ප්‍රකාශ කෙරුණා. ඒ ඊයේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනයෙදී. ඒ අනුව අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
පොහොට්ටුව සළතුණ යටතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාගතවීමට නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදස් පක්ෂයේ කුරුණෑගල දිස්ත‍්‍රික් සමුලූවට ඊයේ පස්වරුවේ එක්වෙමින්. ” 1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීම අද පස්වරුවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී […]
ගිනියා රාජ්‍යයේ ජනාධිපති පුත‍්‍රයාට අයත්ව තිබූ අති සුඛෝපභෝගී ස්පෝට් මාදිලියේ මෝටර රථ පෙළක් ස්විට්සර්ලන්තයේදී වෙන්දේසි කර තිබෙනවා. මෙම මෝටර් රථ ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ඔහු සම්බන්ධයෙන් සිදු කරන දූෂණ චෝදනා පරීක්ෂණ වල ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව ගිනියා ජනපති පුත‍්‍රයාට අයත් මෝටර් රථ 25ක් මෙම වෙන්දේසියට ඉදිරිපත් කර තිබුණා. ඒවායේ සම්පූර්ණ වටිනාකම යූරෝ […]
ශ‍්‍රී ලංකා පකිස්ථාන දෙවන එක් දින තරගය අද පැවැත්වෙනවා. ඒ කරච්චි ජාතික ක‍්‍රීඩාංගණයේදීයි. දිවා රාත‍්‍රී තරගයක් වන මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කරච්චි නගරයට ඇද හැලූනු අධික වර්ෂාව හමුවේ තරගය අද දක්වා කල් දැමුවා. දෙරට අතර පළමු එක්දින තරගය ද අත්හැර දැමුනේ […]
ජනාධිපතිවරණය සදහා තැපැල් ඡුන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වනවා. තැපැල් ඡුන්ද අයදුම් කිරිම සඳහා මෙතෙක් අයදුම් නොකළ සියලූ දෙනා සිය අයදුම්පත් අද දින තුළ දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාර දිය යුතු බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ. තැපැල් ඡුන්ද විමසීම ලබන ඔක්තෝම්බර් 30 සහ 31 වනදා සිදු කිරීමට නියමිතයි. මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයන් […]
ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැුස්වීමක් අද පැවැත්වෙනවා. අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන්නේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසේදීයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සදහන් කළේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ / ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක […]
රාජ්‍ය සේවයේ වැටුප් ගැටලූව විසදීම සදහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර අද සාකච්ඡුාවක් කැදවා තිබෙනවා. ලංකා ගුරු සේවා සංගමයේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කලේ පස්වරු 1 යි 30 ගුරු විදුහල්පති වෘත්තීය සමිති මුදල් අමාත්‍යංශයට කැදවා ඇති බවයිි. වැටුප් ගැටලූවට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු […]