අද (27) පස්වරු 06.00 ට ජනාධිපති කාර්යයාලයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ අනුව, පස්වරු 06.00 ට පෙර ජනාධිපති කාර්යයාලය වෙත පැමිණෙන ලෙස සියලුම කැබිනට් අමාත්‍යවරුන්ට එම කාර්යයාලය මගින් දැනුම් දී ඇති බව සදහන්. දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අද සවස විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මාධ්‍ය හමුවකට […]
ලොව විශාලතම පර්යන්තය සහිත ගුවන්තොටුපොළ චීනය පසුගියදා එරට ජනපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් ලොවට විවෘත කළා. එම ගුවන්තොටුපොළ ස්ටාර්ෆිෂ් සත්වයෙකුගේ හැඩයකින් යුතුව නිර්මාණය කර ඇති අතර චීනය කමියුනිස්ට් පාලනයට පත්වීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම නව ගුවන්තොටුපොළ විවෘත කෙරුණා. වසරකට මෙම ගුවන්තොටුපොළ ඔස්සේ මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසීමේ හැකියාව උදාවනු ඇති බවට බලධාරීන් […]
පකිස්ථානයේ කරච්චි නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගයට පස්වරු 3.00 ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතව තිබුනද මේ වන විට කරච්චි නුවරට ඇදහැලෙන අධික වර්ෂාව නිසා තරග ආරම්භය ප්‍රමාද වී තිබෙනවා.
Harry සහ Meghan Markle කියන්නේ ලෝකම ආදරය කරන යුවළක්. ඔවුන් කියන කරන දේ ගැන මුළු ලෝකයම ඉන්නේ අවධානයෙන්. මේ යුවළ දින දෙකකට කලින් වයස මාස හතරක පුංචි පුතා ආචී සමග දකුණු අප්‍රිකාවේ තෙදින සංචාරයකට එක්වී තිබෙනවා. ආචීගේ ලස්සන ලෝකයම මුල්වරට දකින්නෙත් මේ සංචාරය අතරතුරයි. ආචිගේ ලස්සන පැපරාසි කැමරාවලට හසු වෙනවා. ඊයේ දින මේගන් කුමරිය එච්.අයි.වී […]
සෞදියේ ප්‍රධාන නගරයක මාර්ගයක් ඔස්සේ සිංහයෙක් සමග ඇවිද ගිය පුද්ගලයෙක් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ සෞදි ජාතිකයෙක් වන අතර ආපනශාලාවක් ඉදිරිපිට මෙලෙස මෙම පුද්ගලයා සිංහයෙක් සමඟ සිටින විට අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඒ අනුව සිංහයාව මහ නගරසභා බලධාරීන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ලුතිනන් කර්නල් නිලය දැරූ නිලධාරීන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කිරීමට සේනාවිධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසර ලබාදී ඇති බව යුධ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයා විසින් ඒ සඳහා අවසර ලබාදී ඇති බව සදහන්. එම උසස්වීම […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින තරගය තව සුළු මොහොතකින් පාකිස්තානයේ කරච්චි නුවරදී ආරම්භ වෙනවා. ඒ අනුව පකිස්ථානයට ක්‍රිකට් වසන්තය උදා වුයේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්. පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ආරක්ෂාව සම්බන්දයෙන් තමන් අතිශයින් සෑහීමකට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක ලහිරු තිරිමාන්න ප්‍රකාශ කරනවා. එමෙන්ම […]
එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඊයේ (26) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව කියා සිටියා. ”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ […]
පවතින දුම්රිය වර්ජනය හේතුවෙන් සාකච්ඡා කිරීම සදහා කැබිනට් මණ්ඩල අද පස්වරු 6.00 ට රැස් වීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කලේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මෙම වර්ජනය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය සියල්ල අවලංගු කර තිබුණු […]
ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය සම්බන්දයෙන් අවධානය යොමු කරන එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව දින හතරක් පුරා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැති අතර අදින් එය අවසන් වීමට නියමිතයි. ඇමරිකා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙවර සමුළුව දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය සහ පාරිසරික සංවර්ධනය සදහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම තේමාව කර ගනිමින් පැවැත්වුණු අතර ශ්‍රී […]
හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී මියගිය වන අලින් තුන් දෙනෙකුගේ මළ සිරුරු අද (27) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇති ඇතින්නක් ගැබ්බරව සිටින බව වනජීවී නිලධාරීහු ප්‍රකාශ කළා. මෙම වන අලින් තිදෙනා යම්කිසි වසක් ශරීරගත කොට ඝාතනය කරන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරන අතර මියගිය වන අලින් පිළිබඳව පරීක්ෂණයක් සීගිරිය වනජීවී නිලධාරීන් […]
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය තවමත් කි‍්‍රයාත්මකයි. වැඩවර්ජනය නතර කර සාකච්ඡාවක් සදහා පැමිණෙන ලෙස ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබෙනවා. ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින්. මෙම වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේද කාර්යාලීය දුම්රිය බොහොමයක් අවලංගු කෙරුණ අතර කොළඹ කොටුව බලා අද පෙරවරුවේ ධාවනය කෙරුණේ […]