News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

ඇතුගල්පුර හස්තීන්ගේ සටන හෙට.

1825 Views


ඇතුගල්පුර හස්තීන්ගේ සටන හෙට.

කුරුණෑගලට ක්‍රිකට් වසන්තය අරගෙන එන “Battle Of Tuskers ” හෙට ආරම්භ වෙනවා. ඒ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය සහ මලියදේව ආදර්ශ විද්‍යාලය අතර. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදී උදේ 9.00 ට හස්තීන්ගේ සටන පටන් ගන්න නියමිතයි.

කුරුණෑගල පාසල් අතරින් මුලින්ම ක්‍රිකට් මහා තරඟ පටන් ගත්ත පාසලක් තමයි ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය. පාසල් ඉතිහාසයේ සඳහන් වෙන විදියට 1948 දී පළවෙනි ක්‍රිකට් සංග්‍රාමය ශාන්ත ආනා විද්‍යාලය සමඟ පවත්වලා තියෙනවා. ඔවුන් සමඟ වසර 5 ක් පමණ වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක් පවත්වලා තියෙනවා. පසුව එම ක්‍රිකට් මහා සංග්‍රාමය කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය සමඟ පවත්වනවා.

ඔවුන් සමඟ තිබ්බ ක්‍රිකට් මහා සටනත් වසර කිහිපයකින් නවතිනවා. ඊට පස්සේ නාරම්මල මයුරපාද විද්‍යාලය සමඟ ක්‍රිකට් සංග්‍රාමය පැවැත් වූ බවට පාසලේ ක්‍රිකට් වංශ කතාවේ සඳහන් වෙනවා. නමුත් එම තරඟයත් අවුරුදු කිහිපයක් පමණයි පවත් වන්න හැකි වෙන්නේ. පාසලට අඩුවක් වෙලා තිබ්බ ක්‍රිකට් සංග්‍රාමය නැවතත් මලියදේව ආදර්ශ විද්‍යාලය සමඟ ආරම්භ කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නගන්න මහගු දායකත්වයක් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය ලබා දීලා තියෙනවා. ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඊට හොඳම උදාහරණයක්. ඇයත් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට පැමිණි ක්‍රීඩිකාවක්.

හෙට පැවැත් වෙන “හස්තීන්ගේ සටන” නරඹන්න ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදී සිසුන් සියලු දෙනාටම ආදී ශිෂ්‍ය සංගමය ආරාධනා කරනවා.

 


News Articles
Latest Videos
Most Popular Post