News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

“මල්ලී ඔයාලා කවදාවත් මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නෑ.” ජනතාවගේ ගායකයා චාමර වීරසිංහ කියයි.

1061 Views


“මල්ලී ඔයාලා කවදාවත් මට මෙහෙම කරයි කියලා මම හිතුවේ නෑ.” ජනතාවගේ ගායකයා චාමර වීරසිංහ කියයි.

චාමර වීරසිංහ කියන්නේ රසිකයන්ගේ හදවත් දිනා ගත්ත ගායකයෙක්. ඒ ඔහුගේ තියෙන නිහතමානීකම සහ සරල බව නිසා. ඇත්තටම වෙලාවකට චාමර වීරසිංහ කියන්නේ උන්මාදයක්. ඒ නිසා තමයි සමහරු චාමරගේ රුව tattoo එකක් විදියට කොටා ගන්නේ. තවත් සමහරු පැන්සල් තුඩින් චාමරව චිත්‍රයට නගන්නේ.

ඒ අතරේ තවත් තරුණයෙක් චාමර වෙනුවෙන් අපූරු වැඩක් කරලා තිබ්බා. ඒ ඔහු චාමරගේ රුව ලස්සනට අඹලා තිබ්බා. මේ නිර්මාණය ගැන සමාජ ජලා වල කතා වෙන්න පටන් අරන් තියෙනවා. චාමර වීරසිංහත් මේ නිර්මාණය කරපු තරුණයට ස්තුති කරලා Facebook එකේ සටහනක් තියලා තිබ්බා.

“පැන්සල් තුඩකින් පාට පැන්සලකින් පෑනකින් පැතලි කඩදාසියක මගේ රුව සිතුවමට නැගුනා..හැමෝම කියන විදියට ඒ මගේ මනුස්සමක හින්දලු.ඒත් හිතුවෙ නෑ මල්ලි උඹලගෙ අත් වලින් මගේ රූපෙ මේ විදිටය දකින්න පුලුවන් වෙයි කියල.දවස් ගානක් උඹ මගේ රූපෙ අඹන්න ඇති මහන්සි වෙන්න ඇති.දුප්පත් පවුලක ඉපදිල අද වෙනකොට මගේ මිනිස්සු මට දීපු හයියෙන් මම ගොඩක් දුර ආවා.ගොඩක් පින් හැමෝටම.වචන කීපයකට සංගීතය මුසු කරල මම එදා ගායනා කරද්දි කවදාවත් හිතුවෙ නෑ ඕගොල්ලො මාව මේ වගේ තැනකට ගෙනයි කියල.සිය දහස් වාරයක් ස්තුතියි හැමෝටම.මේ නිර්මාණය කරපු ශාන් මල්ලි ඔයාටත් ගොඩක් ස්තුතියි.උත්සහය ගොඩක් අගය කරනව.
බුදු සරණයි..”


News Articles
Latest Videos
Most Popular Post