News Line| Off Air| Games
Generic placeholder image

Aug
27

අමුත්තන් සල්ලි දෙන්න බෑ කිව්ව නිසා මනමාලිය විවාහය ප්‍රතික්ෂේප කරයි.

468 Views


අමුත්තන් සල්ලි දෙන්න බෑ කිව්ව නිසා මනමාලිය විවාහය ප්‍රතික්ෂේප කරයි.

අද කාලේ Wedding ගන්නවා කියන එකත් ලේසි නෑ. අඩුමගානේ ලක්ෂ 10 ක් වත් අතේ තියෙන්න ඕන. Wedding එකට එන අය දෙන මුදල් වලින් යාන්තම් ණය ටිකක් බේරගන්න පුළුවන්.

හැබැයි Wedding එකට එන අමුත්තන් සල්ලි දෙන්න බෑ කියපු නිසා විවාහය අවලංගු කරපු යුවලක් ගැන වාර්තා වෙනවා. මේ යුවලගේ විවාහ උත්සවයට කැනේඩියානු ඩොලර් 60,000 ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා Wedding එකට එන අමුත්තෙක්ට ඩොලර් 1500 ගානේ දෙන්න කියලා මනමාලිය කියලා.

හැබැයි අමුත්තෝ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරපු නිසා විවාහය අවලංගු කරන්න මනමාලිය තීරණය කරලා. ඒ විතරක් නෙවෙයි පෙම්වතා එක්ක තිබ්බ සමබන්ධයත් නවත්වලා. Wedding එකට දවස් 4 ක් තියෙද්දී තමයි ඔවුන් විවාහය අවලංගු කරලා තියෙන්නේ.

මනමාලිය එතනින් නැවතිලාත් නෑ. Facebook එකේ දීර්ඝ සටහනක් තියලා විවාහය අවලංගු වුණාට යහළුවන්ට සහ නෑදෑයින්ට චෝදනා කරලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post