News Line| Off Air| Games
Generic placeholder image

Sep
30

“මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා. උඹට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි.” – දමිත් අසංක ගැන චාමර වීරසිංහ තිබ්බ සංවේදී සටහන.

2157 Views


“මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා. උඹට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි.” – දමිත් අසංක ගැන චාමර වීරසිංහ තිබ්බ සංවේදී සටහන.

ජනප්‍රිය අයට කයි කතන්දර හැදෙන එක නම් අමුතුදෙයක නෙවෙයි. පසුගියදා ජනප්‍රිය ගායක දමිත් අසංකටත් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කලහකාරීව හැසිරිණු බවට චෝදනා ලැබූ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වීමත් සමඟයි. සමහරු නම් දමිත්ට චෝදනා කළේ ඔහු මානසික රෝගියෙක් කියලයි.

කොහොම වුණත් ඔය අතරේ චාමර වීරසිංහ සිය මුහුණුපොතේ දමිත් ගැන සඳහන් කර තිබූ සටහනක් ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් අරන් තිබ්බා.

“උබත් මාත් මුණ ගැහෙන්නේ 2004 තරම් අතීතයක.. මොණරාගල දුෂ්කර ඉසව්වකින් හැකියාව එක්ක මේ සංගීත තලය තරණය කරන්න ආපු උබ මට මගේ හොඳ ම යාලුවා උනේ හිතාගන්න බැරි ලෙංගතුකමකින්.. සේනානායක වේරලියද්දන්ගේ හඩ ජීවමාන කරපු හඩ පරාස දෙක උබත් මාත් උනා දමිත්.. උබේ ජීවිතේ ගොඩක් තැන් මාත් මගේ ජීවිතේ ගොඩක් තැන් උබත් දැනන් හිටියා.. හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති තැන් වලදි මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා.. ඒ වැරදි මිනිස්සු හදාගෙන ඒ වැරදි වලින් ජීවිතේ ශක්තිමත් කරන් මිනිස්සු යලි ඉස්සරහට යනවා. මට විශ්වාසයි උබ ඒක කරනවා කියලා..

සුළුතරයක් කියන තරම් දේවල් උබට වෙලා නෑ කියලා ලග හිටපු මම දන්නවා.. උබට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි. උබට පුළුවන් එතනින් මිදිලා ආයෙම මේ ප්‍රසංග වේදිකාවට ගොඩ වෙන්න.. උබ එනකන් මාත් උබට ආදරේ කරන හැමෝමත් බලාන ඉන්නවා.. ඉක්මණට වරෙන් මගේ මිත්‍රයා.. උබට තෙරුවන් සරණයි.. ❤️?”


News Articles
Latest Videos
Most Popular Post