News Line| Off Air| Games
Generic placeholder image

Sep
3

“අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට හතුරුසිංහ ගෙන් Twitter පණිවිඩයක්.

1349 Views


“අරයව දාන්න මෙයාව දාන්න කියන්න එපා” – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට හතුරුසිංහ ගෙන් Twitter පණිවිඩයක්.

රටේ මොන ප්‍රශ්නයක් වුනත් බුකියේ කතා කරන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ක්‍රිකට් ගැන. පහුගිය කාලයේ අසාධාරණයට ලක්වුන ක්‍රීඩකයින්ව කණ්ඩායමට ඇතුලත් කරන්න කියලා ලොකු සටනක් බුකියේ ගියා.

ඒ සටනේ ප්‍රතිඵලයක් විදියට ලසිත් මාලිංගට නැවතත් කණ්ඩායමට එන්න අවස්ථාවක් ලැබුණා. කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරා ගනිද්දී වැඩි වගකීමක් පුහුණුකරු විදියට හතුරුසිංහට පැවරෙනවා. ඒ නිසා බුකියේ පළවෙන Post වලින් වැඩි හරියක තියෙන්නේ “හතුරුසිංහ මෙයාව දාන්න, අරයව කණ්ඩායමට ගන්න” කියලා .

මේ බුකි පොස්ට් වලට හතුරුසිංහ FB Post එකකින්ම උත්තර දීලා තිබ්බා. ඒ ක්‍රිකට් ලෝලීන්ම නිර්මාණය කරලා තිබුන Post එකක් Twitter එකේ Share කරලා. “අරයව දාන්න, මෙයාව දාන්න කියන්න එපා බන්. එකලොස්දෙනයිනේ සෙල්ලම් කරන්න පුළුවන්. එක තේරුම් ගනිල්ලා. – හතුර්සිංහ” කියලා තමයි ඒ Post එකේ තියෙන්නේ.

හතුරුසිංහට ඇත්තටම කියන්න ඕන දේ මේ Post එක ස්හරේ කරලා කිව්වද දන්නෙත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post