News Line| Off Air| Games
Generic placeholder image

Aug
30

ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේදී ප්‍රභල දේශපාලඥයෙකුගේ විවාහ උත්සවයක්.

829 Views


ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේදී ප්‍රභල දේශපාලඥයෙකුගේ විවාහ උත්සවයක්.

අරලියගහ මන්දිරය කියන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස. හැබැයි පහුගිය කාලයේ ජනාධිපතිවරයා තමයි අරලියගහ මන්දිරය භාවිතා කරේ. කොහොම වුනත් වත්මන් ආණ්ඩුව නැවතත් අගමැතිවරයාගේ නිල නිවස විදියට අරලිගහ මන්දිරය භාවිතා කරනවා.

හැබැයි මේ කියන්නේ ඉතිහාසයේ පළවෙනි වරට අරලියගහ මන්දිරයේ පවත්වන විවාහ උත්සවයක් ගැන. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය තමයි අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන්නේ.

විවාහ උත්සවය පැවැත්වෙන්නේ අද(30). කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ තමයි චතුර සේනාරත්න මහතා විවාහ වෙන්නේ.

අද පැවැත්වෙන විවාහ උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් සහභාගී වෙන්න නියමිතයි. සියත 24 කණ්ඩායමත් චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට සහ සරූපාට සුභ මංගලම් කියලා සුභ පතනවා.


News Articles
Latest Videos
Most Popular Post