News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

බස්නාහිර අවුරුදු 30 ට වැඩි පිරිසට එන්නත්කරණය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී

379 Views


බස්නාහිර අවුරුදු 30 ට වැඩි පිරිසට එන්නත්කරණය අද කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ දී

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි මහජනතාව සඳහා සිනොෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් (2021 ජූලි මස 15 දින) බ්‍රහස්පතින්දා (15) දින සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේදී පෙරවරු 08.30 සිට පස්වරු 0430 දක්වා ලබාදීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.

මෙම එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන බස්නාහිර පළාතේ පදිංචිකරුවන් තම පදිංචිය සහතික කිරිම සඳහා ජාතික හැදුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ජන්ද නාමලේඛණයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒම තුළින් වඩාත් පහසුවෙන් තම එන්නත්කරණ කටයුතු සිදුකරගැනීමේ හැකියාව ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය විසින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීම යටතේ මහජනතාව එන්නත් කිරීමේ ජාතික ක්‍රියාන්විතය මීට මාස කිහිපයකට පමණ පෙර සවිබල ගන්වන ලදී.

යුද්ධ හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන වේරහැර පිහිටි 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කඳවුරේ එන්නත්කරණ මධ්‍යස්ථානය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර බත්තරමුල්ල දියත උයනේ ක්‍රියාත්මක කරනු ලැබු එන්නත්කරණ මධ්‍යස්ථානය හෙට (15) දින සිට තාවකාලිකව ක්‍රියාත්මක නොවන අතර යලිත් එම මධ්‍යස්ථානය සඳුදා (19) දින උදෑසන 0830 සිට බදාදා (21) දින දක්වා ක්‍රියාත්මක වේ. (නිමාව)


News Articles
Latest Videos
Most Popular Post