News Line| Off Air| Games
Generic placeholder image

Apr
13

අලුත් අවුරුද්දට සද්දෙට රතිඤ්ඤා පත්තු කරන්න කලින් මේ ගැනත් හිතන්න.

2318 Views


අලුත් අවුරුද්දට සද්දෙට රතිඤ්ඤා පත්තු කරන්න කලින් මේ ගැනත් හිතන්න.

අලුත් අවුරුද්ද කියන්නේ ලොකු පොඩි හැමෝම එක විදිහට සතුටුවෙන කාල සමයක්. මේ සතුටුවෙන ක්‍රම අතර එක දෙයක් තමයි ගිණිකෙලි උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම්. හුඟක් දෙනෙක් නැකත් වලට වගේම, මේ දවස් වල නිකන් වෙලාවටත් අධික ශබ්ද තියෙන ගිණිකෙලි පාවිච්චි කරනවා. ඒ වුනත් රතිඤ්ඤා දැල්වීමට කලින් ගෘහස්ථ සතුන් ඇතුළු තමන් අවට පරිසරයේ ජීවත් වන සතුන් පිළිබඳවද සිතා කටයුතු කරන ලෙස සත්ව අවිහිංසා, සත්ව හිමිකම් සහ සත්ව සුභසාධන සංවිධාන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන් රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට වෙසෙන සුනඛ ආදී සතුන්ට පීඩාකාරී වේදනාවක් බව ඒ සන්විධාන් පෙන්වා දෙනවා. ඒ වගේම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී සතුන් රිය අනතුරුවලට ලක්ව අකල් මරණ වලට ලක්වූ අවස්ථා නිරතුරුව වාර්තා වන බවත් ඔවුන් කියනවා.

ඒ හැරුණු කොට රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා ඇතැම් සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නෑසෙන තත්වයක් හට ගත හැකි අතර එම කම්පනය නිසා ඇතැම් සතුන් ක්ෂණික මරණ වලට පවා ලක්විය හැකි වෙනවා.

සුනඛ ආදී ගෘහස්ථ සතුන්ගේ ශ්‍රවණ සංවේදීතාව හෙවත් ශ්‍රව්‍ය පරාසය හෙවත් කන් ඇසීමේ හැකියාව මිනිසුන්ට වඩා බෙහෙවින් තීව්‍රර බව තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අපට සුළුවෙන් ඇසෙන ශබ්දයක් ඔවුනට දරාගත නොහැකි මහ හඬක් සේ ඇසී යන්න පුළුවන්. මෙය ගෘහස්ථ සතුන්ට සේම අප ජීවත් වන පරිසරයේ වෙසන අනෙක් සතුන්ටත් එක සේ බලපාන තත්වයක්.

ඒ නිසා මේ උත්සව සමයේ රතිඤ්ඤා දැල්වීමේදී ඒවායේ අධික ශබ්දය සහ දැල්වෙන කාලය වටහාගෙන නිසි කළමනාකරණයකට ලක් කර ගත හොත් ඒ සතුන්ගේ ජීවත් වීමේ අයිතිය අප අතින් කෙලෙසෙන්නේ නෑ.මේ පණිවිඩය කුඩා දරුවන් හට ලබා දීමෙන් ඔවුන්ටත් අනාගතයේ මේ තත්වය පාලන කරන්න පුළුවන් වෙනවා.

මේ තියෙන්නේ Facebook සමාජ ජාලයේ තිබුන දැනුවත් කිරීම් අතරින් කිහිපයක්…


News Articles
Latest Videos
Most Popular Post