News Line| Off Air| Games
Generic placeholder image

Aug
16

ලෝකය පුරාම ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්?

491 Views


ලෝකය පුරාම ATM යන්ත්‍ර වලට සයිබර් ප්‍රහාරයක්?

ඉස්සර ලොකු මුදල් ප්‍රමාණයක් අරගෙන යනවා නම් බැංකුවෙන් අරගෙන බයේ තමයි පාරේ යන්නේ. කොයි වෙලේ පොකට් ගහයිද කියලා දන්නේ නැති නිසා. එකට දැන් ATM නිසා ඕන නගරයකදී පහසුවෙන් මුදල් ගන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් හොරුන්ගේ තරජනයට ලක් වෙලා තියෙනවා.

ලෝකය වටේම තියෙන ATM වලින් මුදල් සොරා ගන්නා මහ පරිමාණ සයිබර් ප්‍රහාරයක් ගැන FBI සංවිධානය අනතුරු ඇඟවනවා. ගිණුම් හිමියන්ට මුල්‍ය සමාගම් නිකුත් කරලා තියෙන ATM කාඩ් පත් වලට සමාන ක්ලොන කාඩ් යොදා ගනිමින් මෙම සයිබර් අපරාධකරුවන් මුදල් සොරා ගන්න සූදානම් වෙනවා.

ඒ සදහා බැංකු පද්ධතියේ පවතින කාඩ් හිමියන්ගේ දත්ත සයිබර් අපරාධාකරුවන් සොරා ගන්න සයිබර් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා FBI ආයතනය සඳහන් කරනවා. සති අන්තයේ බැංකු සහ මුල්‍ය ආයතන වහලා නිසා අන්තයකදී මේ එල්ල වෙයි කියලයි ඔවුන් කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post