News Line| Off Air| Games
Generic placeholder image

Jul
26

විදෙස් තරුණියකට අතවර කිරීමේ සිද්ධියට මුවාවෙන් ධනුශ්ක ගුණතිලකව කණ්ඩායමෙන් එළවීමේ කුමන්ත්‍රණයක් ? – Exclusive

2965 Views


විදෙස් තරුණියකට අතවර කිරීමේ සිද්ධියට මුවාවෙන් ධනුශ්ක ගුණතිලකව කණ්ඩායමෙන් එළවීමේ කුමන්ත්‍රණයක් ? – Exclusive

විදෙස් තරුණියන් දෙදෙනෙක්ට අතවර කිරීමේ සිද්ධියකට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ නම ගෑවිලා තිබ්බා. හැබැයි පොලිසිය සඳහන් කරේ ඒ සිදුවීමට දනුෂ්කගේ සම්බන්ධයක් නෑ කියලා.

මේ අතර තිළිණ ධණුෂ්ක මේ සිදුවීම පිටුපස තියෙන සැඟවුණ කතාවක් ගැන හෙළිකරලා තිබ්බා. ඔහු සඳහන් කරන්නේ මේ සියල්ල විදෙස් ක්‍රීඩක කළමනාකරුවෙක්ගේ සැලස්මක් කියලයි. මේ තියෙන්නේ ඒ සටහන.

උපුටා ගැනීම..

විදේශ තරුණියක් පටලවමින් ධනුෂ්ක ජාතික කණ්ඩාමෙන් ඉවත් කිරිමේ ඇත්ත කතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නෝර්වේ ජාතික තරුණියකට දෙමල තරුණයෙකු අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ කර ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්කිරීම පිටුපස විදේශීය කළමනාකරුවකු සිටින බව මේවන විට කරුණු හෙළිවෙමින් තිබේ.

ධනුෂ්ක ගුණතිලක මෙම විදේශීය ජාතිකයාගේ කළමනාකාරිත්වයෙන් වසරකට පෙර ඉවත්වීමත්, කණ්ඩායමේ ටෙස්ට්, එක්දින හා විස්සයි යන අංශ තුනේම ස්ථානයක් තහවුරු කරගනිමින් විදේශීය කළමනාකරුගේ ක්‍රීඩකයාට කණ්ඩායමේ ස්ථානය අහිමි කිරීම මෙම සිදුවීමට ධනුෂ්කගේ නම පමණක් ගෑවිමට හේතු වී තිබේ.

විශේෂයෙන්ම නෝර්වේ ජාතික තරුණියකට අතවර කළ බවට චෝදනා එල්ලවෙන සන්දීප් සුප්පයියා, එදින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙකු සමග ආහාර ගනිමින් සිටින ආකාරය හෝටලයේ සිසිටිවී දර්ශන වල දක්නට තිබෙන අතර එහිදී එම ක්‍රීඩකයන්ද නෝර්වේ ජාතික තරුණියන් සමග කතාකරන ආකාරය CCTV දර්ශනවල පෙන්නුම්කරන බව අද මාධ්‍ය වාර්තා කර තිබේ.

චෝදනාවට ලක්ව සිටින සන්දීප් සුප්පයියා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවකගේ කළමනාකරු වන විදේශීය ජාතිකයාගේ මෙරට නියෝජිතයෙක් ලෙස කටයුතු කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ඔහුගේ මිතුරන් වේ. ඔහුගේ දැන් වසා දමා ඇති ෆේස්බුක් ගිණුමේ ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සමග සිටින ජයාරූප අඩංගුවේ.

නෝර්වේ ජාතික තරුණියන් හෝටලයට ගෙන්වා ගත්බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන අතර ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින හෝටලයේම දින කිහිපයක් රැඳී සිටි අයවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එදින හෝටලයේ ඉහළ මාලයේ අහාර ගනිද්දී එම කාන්තාවන් දෙදෙනා ක්‍රීඩකයන් සමග කතාබහක යෙදී තිබෙන අතර එම අවස්ථාවෙදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේස්ට ක්‍රීඩකයෙකුගේ ආරාධනාව මත සන්දීප් සුප්පයියාද එහි පැමිණ තිබේ.

පරීක්ෂණ වාර්තා අනුව එම අවස්ථාවේදී ධනුෂ්ක ගුණතිලක තමන් හඳුන්වාදෙමින් අදාළ තරුණියන් සමග කතාබහක් සිදුකර තිබෙන අතර ක්‍රීඩකයන් එකනෙකාට විහිළු තහළු කරමින් සිට තිබේ. විශේෂයෙන්ම කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවෙන් එම කාන්තාවන් දෙදෙනාට කතා කිරීම සියළු දෙනා සිනහ ගැන්වීමට හේතුවී තිබේ.

තරගයේ අර්ධ ශතක දෙකක් ලබාගත් සතුට සැමරීමට පාටියක් අවශ්‍ය බවට ක්‍රීඩකයන් ධනුෂ්ක ගුණතිලකගෙන් මෙහිදී පෙරැත්ත කර තිබෙන ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු එම මේසයේ සිටි නොර්වේ කාන්තාවන් දෙදෙනා ඇතුළු සියළු දෙනාගේ බිල ගෙවා දැමීමට කටයුතු කර තිබේ.

සාමානයෙන් ක්‍රීඩකයන් රාත්‍රී 10ට තම කාමරවලට යායුතු වුවත් cctv දර්ශන අනුව ක්‍රීඩකයන් 7 දෙනාම තම කාමරවලට ගොස් තිබුණේ රාත්‍රී 11.10ටයි.

මෙලෙස ක්‍රීඩකයන් කාමරයට යාමෙන් පසු සන්දීප් සෙල්ලය්යා අදාළ නොර්වේ තරුණියන් සමග සිටින CCTV දර්ශන තිබෙන අතර ඉන් පසු සන්දීප් ඔවුන්ගේ කාමරයට යන දර්ශන තිබේ. එහිදීයි මෙම අපචාර සිදුවීම සිදුවන්නට ඇති බවටයි පරීක්ෂණ කණ්ඩායම් සැක කරන්නේ.

හෙයිස් බර්ජි බැකේන්සීන් හා සිල්ජේ නයිලැන්ඩ් යන තරුණියන් ඉරිදා තමන් රටින් පිටවන යන විට සන්දීප් සෙල්ලය්යා ගැන පැමිණිලි කරන අතර එහිදී ඔවුන් සන්දීප් සෙල්ලය්යා හඳුන්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සිටි පුද්ගලයකු ලෙසයි. එම ක්‍රීඩකයන් කවුදැයි විමසීමේදී ඔවුන් පවසන්නේ ඔවුන්ට මතක ගුණතිලක යන නම පමණක් බවයි.

ඒ අනුවයි ධනුෂ්ක ගුණතිලකගේ නම පොලිස් පොතේ සඳහන් වන්නේ.

මේවන විට පොලිසිය හා ක්‍රීඩා අමාත්යංශය තම පරීක්ෂණ අවසන් කර දනුෂ්ක ගුණතිලක මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොමැති බවට තහවුරු කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆය්සර් මුස්තාෆා මේ ගැන හිරු සලකුණ වැඩසටහනේදී ප්‍රකාශ කළ අතර පොලිසියද මාධ්‍යට ඒ බව තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

තත්වය මෙසේ තිබියදී ධනුෂ්ක ගුණතිලකට පමණක් පැයක් පරක්කුවී කාමරයට යාම හේතුවෙන් තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේස්ටයකු කටයුතු කිරීම ගැන මේවන විට දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙන අතර ඒ සඳහා විදේශීය ජාතික කළමනාකරුගේ බලපෑමක් තිබී ඇති බවයි ක්‍රීඩා වෙබ්ශ්‍ අඩවියක්රී වන ක්‍රිකට් එජ් වාර්තා කරන්නේ.

ඒ තම ක්‍රීඩකයන් මෙයින් බේරා ධනුෂ්ක පමණක් වැරදි කරු කිරීමයි.

එම වාර්තාවට අනුව මෙම සිදුවීම ගැන මාධ්‍යට කතාකර තොරතුරු ලබාදී තිබෙන්නේද මෙම විදේශීය කළමනාකරුවායි. ඔහු මාධ්‍යට පවසා තිබෙන්නේ ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි. ඒ අනුවයි මාධ්‍ය පවා මුලදී ඒ ගැන වැරදි තොරතුරු පළකර තිබුණේ.

ධනුෂ්ක ගුණතිලක මේ ගැන ලබාදුන් ප්‍රකාශයේ කිසිදු තැනක මෙම කාන්තාවන් සමග අහාර ගත් අනිකුත් ක්‍රීඩකයන් කවුදැයි හෙළිකර නොමැති අතර CCTV දර්ශන සසඳා එසේ ප්‍රකාශ කළේ ඇයිදැයි විමසු විට ඔහු පවසා තිබෙන්නේ තමන්ට මෙන් අනිකුත් ක්‍රීඩකයන්ට තහනමක් පැනවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පවතින තරග නියත වශයෙන් පරාජය වනු ඇති බවයි.

තමන්ගෙන් මෙම සිදුවීම අවසන් කරන ලෙස ඔහු ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන්ට පවසා තිබෙන අතර ඒ අනුවයි ක්‍රීඩා අමාත්‍ය ෆය්සර් මුස්තාෆා හිරු සලකුණ වැඩසටහනේදී ධනුෂ්ක ගුණතිලක ආරක්ෂා කරමින් අදහස් දැක්වුයේ.

ක්‍රීඩා අමාත්‍යවරයා ඉතා කෙටි තහනමක් පනවා ධනුෂ්ක නැවතත් කණ්ඩායමට එක්කරගන්නා ලෙස පවසා ඇති නමුත් විදේශීය කළමනාකරුගේ බලපෑම් මත ඉදිරි සංචාර කිහිපයකින්ම ඔහු ඉවත්කිරීම ක්‍රිකට් ආයතනයේ ජෙෂ්ටයකුගේ අරමුණ වී තිබේ. ඒ තම ක්‍රීඩකයකුට එම අවස්ථාව ලබාදී එමගින් ලැබෙන කොමිස් මුදල ලබාගැනීමටයි.

මෙම සිදුවීම ගැන අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වෙත ධනුෂ්ක ගුණතිලකටද චෝදනා කරමින් පවසා තිබුනේ මිතුරන් රාශියක් ආශ්‍රය කිරීමද ඔහු මෙවැනි ප්‍රශ්න වලට මැදිහත්වීමට හේතුවී ඇති බවයි. එය නිවැරදි කර නොගතහොත් ඔහුගේ ඉදිරි ක්‍රිකට් අනාගතයට එය වැරදි ලෙස බලපානු ඇති බවයි ඔහු පවසා තිබුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුද්ගලික කළමනාකරුවන්ගේ ගැටුම් තවමත් අවසන්වී නොමැති බව මෙම සිදුවීම එක් උදාහරණයක් පමණි. අවසානයේ මෙම සිදුවීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවට තමන්ට සිටි ලකුණු අතර සිටින එකම ආරම්භක පිතිකරුවා අහිමිව ඉදිරි තරග වලට අවතීරණ වීමට සිදුවීමයි.

වාර්තාව තිළිණ ධණුෂ්ක

උපුටා ගැනීම අවසන්..

කොහොම වුනත් මේ ගැන තාමත් පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ නිසා මේ ගැන 100% ක් නිවැරදිවම කියන්න බෑ. පොලිස් පරීක්ෂණ අවසන් වුණාම අපි බලමු ඇත්තටම මේ සිදුවීම පිටුපස කතාව මොකක්ද කියලා.


News Articles
Latest Videos
Most Popular Post