News Line| Off Air| Games
Generic placeholder image

Jun
25

අතුරුදහන් වුන “දිගදන්තු” සොයා වනජිවියෙන් මෙහෙයුමක්.

1399 Views


අතුරුදහන් වුන “දිගදන්තු” සොයා වනජිවියෙන් මෙහෙයුමක්.

ලංකාවේ තිබෙන මිල කල නොහැකි සම්පතක් තමයි අලි ඇතුන්, හැබැයි දඩයක්කරුවන්ගේ කුරුමානම් නිසා අලි ඇතුන්ට නරක කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ. කලාවැව ජාතක වනෝද්‍යානයේ ඉන්න විශාලම සහ දිගම දළ තියෙන ඇතා අතුරුදහන් වෙලා තියෙනවා.

“දිගදන්තු” කියලා තමයි මේ ඇතාව හඳුන්වන්නේ. වෙඩි වැදී බරපතල තත්ත්වයෙන් පසු වුන මේ ඇතා වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියා. වනජීවී නිලධාරීන් විසින් මේ වනවිට දිගදන්තු ඇතා සොයා දිවා රාත්‍රි මෙහෙයුමක් ආරම්භ කරලා තිබෙනවා.

22 වැනිදා දිනයේ ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට නියමිතව තිබුණා. හැබැයි ඇතා සැරිසැරූ ප්‍රදේශයේ සෝදිසි කිරීමේදී ඇතා නිරීක්ෂණය නොවීම නිසා මෙම මෙහෙයුම ආරම්භ කරලා තියෙනවා. කහල්ල පල්ලෙකැලේ රක්ෂිතය තුලත් කලාවැව රක්ෂිතය තුලත් දිවා රාත්‍රි දෙකේම මේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

බඳින තුවක්කුවකින් වෙඩි වැදී ඇතාගේ ඉදිරි වම් පදයට බරපතල තුවාල සිදුව තිබුණා.ඇවිද ගැනීමට නොහැකිව අසාධ්‍ය තත්වයෙන් සිටි මෙම ඇතාට අවස්ථා තුනකදී මීට පෙර ප්‍රතිකාර කටයුතු සිදුකර තිබුණා. අන්තිමටම දිගදන්තුට ප්‍රතිකාර කරලා තිබ්බේ ඉකුත් 18 වෙනිදා.


News Articles
Latest Videos
Most Popular Post