News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ශ්‍රී ලංකාවේ සුපිරි කඟවේනා ඝාතනය කිරීමේ සැලැස්මක්.

623 Views


ශ්‍රී ලංකාවේ සුපිරි කඟවේනා ඝාතනය කිරීමේ සැලැස්මක්.

ලංකාවේ නම ලෝකයට ගෙනියන සුපිරි කඟවේනා. ඩිලන්ත මාලගමුව. ඩිලන්ත මේ වෙද්දී ලෝකයේ සුපිරිම මෝටර් රථ ධාවන ශූරයන්ගේ ලයිස්තුවේ ඉහළින්ම ඉන්නවා.

ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවෙලා තියෙනවා. කැළණිය ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය දේශපාලඥයෙක් තමයි ඩිලන්තව ඝාතනය කරන්න සැලසුම් කරලා තියෙන්නේ.

බන්ධනාගාර ගතව ඉන්න සිරකරුවෙක්ට තමයි මේ දේශපාලඥයා ඩිලන්ත ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දීලා තියෙන්නේ. මෑතකදී අත්අඩංගුවට ගැනුන පාතාල සාමාජිකයෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවෙලා තිබෙනවා.

ඒ අනුව පොලීසිය මේ බව ඩිලන්තට දැනුම් දීල තියෙනවා. ඩිලන්ත මාලගමුව සියත 24 වෙත සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post