News Line| Off Air| Games
Generic placeholder image

Aug
8

එක්දින තරඟාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට?

2408 Views


එක්දින තරඟාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට?

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 4 වෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දිවා රාත්‍රී තරඟයක් විදියට. දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ නැගී එන කණ්ඩායම අතර එක්දින තරඟාවලියත් හෙට ආරම්භ වෙනවා.

මේ තරඟාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිතුමා ඊයේ අවසර දුන්නා. නැගී එන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට. ඒ වගේම උප නායකත්වය ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට පවරලා තියෙනවා.

මිට අමතරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද සධීර සමරවික්‍රම, අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, අසේල් ගුණරත්න, ජෙෆ්රි වැන්ඩර්සේ, අමිල අපොන්සු සහ ෂෙහාන් මධුසංඛ මේ නැගී එන සංචිතයට ඇතුලත්.

නැගී එන කණ්ඩායම් අතර එක්දින තරඟාවලියට තරඟ 3 ක් ඇතුලත්. පළමු තරගය හෙට (09) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. දෙවන තරගය අගෝස්තු 11 වනදා දඹුල්ලේ දීම පැවැත්වෙනවා. අවසන් එක්දින තරගය අගෝස්තු 14 වනදා කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post