News Line| Off Air| Games
Generic placeholder image

Jul
17

කතරගම යන අයට දඩ මස් වෙනුවට බලු මස්.

520 Views


කතරගම යන අයට දඩ මස් වෙනුවට බලු මස්.

රුහුණේ මහා පෙරහැර මංගල්‍ය මේ දවස්වල පැවැත් වෙනවා. ඒ කතරගම දේවලයේ පෙරහැර. මේ නිසා කතරගමට දහස් සංඛ්‍යාත ජන ගඟක් දිනපතාම එනවා. බහුතරයක් කතරගම සිද්ධස්ථාන වැඳපුදා ගන්න එද්දී සමහරු විනෝද වෙන්නත් එනවා.

විනෝද වෙන්න එන අය අතර ගල් යුගයේ ගති ලක්ෂණ තියෙනවා අයත් ඉන්නවා. ඒ අය හොයන්නේ දඩ මස් කාලා මත්වතුර තොල ගාන්න. ඒ නිසා මේ දවස්වල කතරගම දඩ මස්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම නිසාම දඩ මස් කියලා බලුමස් විකුණන ජාවාරමක් ලොකුවට සිද්ධ වෙනවා.

ඒ වගේම වස දීලා වනසතුන් දඩයම් කරන ජාවරමකුත් පැතිරෙනවා. මේ ගැන ලැබුන තොරතුරු වැටලීම් කිහිපයක්ම කරලා තියෙනවා. පිං දහම් කර ගන්න ගිහින් ඔබේ කුස අමු සොහොනක් කර ගන්න එපා කියලයි අපිට කියන්න තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post