News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

බොරු ප්‍රවෘත්ති පළ කළොත් අවුරුදු 10ක් හිරේ.

337 Views


බොරු ප්‍රවෘත්ති පළ කළොත් අවුරුදු 10ක් හිරේ.

මේ වෙද්දි අන්තර්ජාලයේ සහ සමාජ ජාලා වල ගොසිප් වෙබ් අඩවි වැහි වැහැලා. හබැයි ඒ හැම වෙබ් අඩවියකින්ම 100% ක් ඇත්තම දේවල් පළ වෙන්නේ නෑ. ඒ නිසා ගොඩා වෙලාවට ජනතාව නොමග යන්න තියෙන ඉඩ වැඩී. ලංකාවේ තියෙන මේ තත්වයම මැලේසියාවෙත් තියෙනවා. ඒ නිසා මෙවැනි ව්‍යාජ පුවත්වලට වැට බැඳීන්න මැලේසියානු රජය තීරණය කළා.

ඒ අනූව බොරු පුවත් පළ කරන අයට වසර දහයක් දක්වා සිර දඬුවම් ලබා දෙන්න පුලුවන් වෙන විදිහට අලුත් නීති රීති මාලාවක් එරට ආණ්ඩුව යෝජනා කරලා.

ඒ අනූව ව්‍යාජ පුවත් මර්දන පනත යටතේ වරදකරුවන් වන පුද්ගලයන් සිරගත කිරීමට හරි ඇමරිකානු ඩොලර් 128,000 දඩයකට යටත් කිරීමට හෝ එම දඬුවම් දෙකම ලබා දීමට හැකි වෙනවා.

ලංකාවේ සිද්ධ වෙනවා වගේම මේ පනතට විරුද්ධ අයත් මැලේසියාවේ ඉන්නවා. ඔවුන් කියන්නේ ආණ්ඩුව විපක්ශයේ මතය යට ගහන්න මෙහෙම කරනවා කියලයි.

මේ පනත් කෙටුම්පතට අනුව “සම්පූර්ණයෙන්ම හෝ අඩක් වැරදි පුවත්, තොරතුරු, දත්ත සහ වාර්තා” “ව්‍යාජ පුවත්” විදිහට හදුන්වනවා.

“ව්‍යාජ පුවත් හෝ ව්‍යාජ පුවත් අඩංගු ප්‍රකාශ කුමන හෝ අදහසකින්, දැනුවත්ව, පළ කර, මුද්‍රණය කර, බෙදා හරින හෝ සංසරණය කිරීමට සලස්වන” කවර හෝ පුද්ගලයෙක් මේ පනත මගින් වරදකරු වෙනවා.

බ්ලොග් අඩවි, අන්තරජාල සමාජ (Forums) සහ Facebook ඇතුලු සමාජ ජාල ගිණුම් පවා මේ පනත යටතට ගැනෙනවා.

ඒ වගේම මැලේසියාව හෝ එහි වෙසෙන පුද්ගලයන් සම්බන්ධ පුවතක නම්, මේ නීතිය මැලේසියාවේ සිටින හෝ එරටින් බැහැරව සිටින ඕනෑම අයෙකු සම්බන්ධයෙන් බලපැවැත්වෙන බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post