News Line| Off Air| Games
Generic placeholder image

Oct
5

මත් කුඩු සහ කංසා පානය කර රිය පදවන අයට වැඩ වරදී

933 Views


මත් කුඩු සහ කංසා පානය කර රිය පදවන අයට වැඩ වරදී

මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරලා වාහන පදවන එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසාම සිද්ධ වෙන අනතුරු ගණනද වැඩියි. මේ තත්ත්වෙ නැති කරන්න පොලිසිය අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. හෙරොයින් සහ කංසා පානය කර රිය පදවන අය අදුනගන පුළුවන් උපකරණ පොලිස් ස්ථාන වෙත ලබා දෙන්නයි යන්නෙ. මේ බව ප්‍රකාශ කළේ රථවාහන කොට්ථාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා.

බීමත්ව රිය පදවන රියදුරන් හදුන ගන්න ක්‍රම තියෙනවා. ඒත් මත් ද්‍රව්‍ය පාවිච්චි කරලා රිය පදවන රියදුරන්ව අදුරගන්න මේ වෙනකන් ක්‍රමයක් තිබ්බෙ නෑ. ඒ නිසා මේ තීරණය ගත්ත බව අජිත් රෝහණ මහතා කියා සිටියා. මෙය බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිතා කරන ජාත්‍යන්තර ක්‍රමවේදයක් බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post