News Line| Off Air| Games
Generic placeholder image

Apr
3

ලංකාවට ආව එඩ්වඩ් කුමරුගේ පුතාගේ කෙරුවාව – Photo

660 Views


ලංකාවට ආව එඩ්වඩ් කුමරුගේ පුතාගේ කෙරුවාව – Photo

ලංකාවේ 70 වෙනි නිදහස සමරන්න ලංකාවට ආව එඩ්වඩ් කුමරු මතක ඇතිනේ. “Royal Chicken” කිව්වම තවත් මතක ඇති. පහුගිය පාස්කු දිනයේ එඩ්වඩ් කුමාරයා සහ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ එකම පුතා වුන ජේම්ස් එක්ක Windsor මාලිගාවේ ගත කරා.

ඔවුන්ගේ එකම පුතා වුන ජේම්ස් පවුලට අයිති ලෑන්ඩ් රෝවර් රථය පදවන ඡායාරුපයක් අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. ජේම්ස්ට තාමත් අවුරුදු 10 ක් විතරයි. ඒ නිසා ඔහු මේ දැවැන්ත මෝටර් රථය පදවන එක ගැන බ්‍රිතාන්‍යයේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. සමහරු නම් කියන්නේ මේ විදියට කුඩා දරුවෙක්ට වාහනයක් පදවන්න දීපු එක වරදක් කියලා. කොහොම වුනත් නීතියේ හැටියට නම් ලයිෂන් නැති වුනත් පෞද්ගලික ඉඩමක වාහනයක් පැදෙව්වාට ප්‍රශනයක් නෑ.

ජේම්ස් මේ විදියට වාහන පදවද්දී ඔහුගේ අක්කා, අම්මත් එක්ක අශ්ව කරත්තයක් පදවන ඡයරුපයකුත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරලා තිබ්බා. පුති දුවයි මේ විදියට සතුටු වෙද්දී එඩ්වඩ් කුමාරයා නම් උදේම තනියම අශ්වයා පිටේ මාලිගාව වටේම ගියා.පේන විදියට නම් පවුලම පාස්කු දවස සතුටින් ගත කරලා වගේ.


News Articles
Latest Videos
Most Popular Post