News Line| Off Air| Games
Generic placeholder image

Jul
6

ඡන්ද හිමි නාමලේඛන ලබන 8 වනදාට පෙර දෙන්නැයි දැනුම් දීමක්.

384 Views


ඡන්ද හිමි නාමලේඛන ලබන 8 වනදාට පෙර දෙන්නැයි දැනුම් දීමක්.

ඡන්ද හිමි නාමලේඛනය සම්පූර්ණ කර ලබන 8 වනදාට පෙර ග‍්‍රාම නිලධාරීන්ට ලබා දෙන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා සදහන් කලේ ලබන 15 වනදා වන විට ඡන්ද හිමි නාමලේඛන ලබා ගන්නැයි ග‍්‍රාම නිළධාරීවරුන්ට දැනුම් දී ඇති බවයි.

අනතුරුව එම නාමලේකඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉවත් කල නම් වෙනුවට නව නම් ඇතුළත් කිරීම සිදුවනවා. 2018 ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුළත් කිරීමට නොහැකි වු ඡන්ද දායකයින් සදහා නම ඇතුළත් කර ගත හැකිවන්නේ පසුව ලබා දෙන හිමිකම් කාල සීමාව අතරතුරදියි.

අගෝස්තු මස මැද භාගයේ දී හිමිකම් කාල සීමාව ප‍්‍රකාශයට පත්කරන බවයි සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේ. ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුළත් කිරීම සදහා එම කාල සීමාව තුළ අයදුම් කරන පුද්ගලයින් පරීක්ෂණ මණ්ඩලයක් හාමුවට කැදවනු ලබනවා. ඉන් අනතුරුව එම පුද්ගලයින්ගේ නම් ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත් කරනවා ද නැද්ද යන්න සම්භන්ධයෙන් දිස්ත‍්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වීසින් තීරණය කරනු ඇතී.


News Articles
Latest Videos
Most Popular Post