News Line| Off Air| Games
Generic placeholder image

Oct
2

විදුලියටත් මිල සූත්‍රයක්?

562 Views


විදුලියටත් මිල සූත්‍රයක්?

දැන් ලංකාවේ හැමදේටම සූත්‍ර තියෙනවානේ. තෙල් මිල, බස් ගාස්තු, දුම්රිය ගාස්තු තීරණය කරන්නේ මිල සූත්‍රයකට අනුව. හැබැයි ඉතිං ඔය සූත්‍රය මොකක්ද කියලා අදාළ ඇමතිතුමාවත් දන්නේ නෑ.

ඒ අස්සේ විදුලියටත් මිල සූත‍්‍රයක් හදුන්වා දෙන්න කියලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කරලා තියෙනවා. ඒ ශ‍්‍රි ලංකාවේ ණය වැඩසටහන පිලිබද 05 වන සමාලෝචනයෙන් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

තමන් මීට පෙර පුරෝකථනය කළ අන්දමට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙන්නේ නෑ කියලයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දක්වලා තියෙන්නේ. 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 04 ට වඩා අඩු වෙලා කියලා ඔවුන් සඳහන් කරනවා.

ඊට අමතරව අපේක්ෂ කල මට්ටමට වඩා රජයේ බදු ආදායම අඩු වෙලා කියලත් නිවේදනයේ සදහන්. එළඹෙන අයවැය තුළින් බදු ආදායම ඉහළ නංවා ගැනීම සදහා අවධානය යොමු කරන ලෙසයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ‍්‍රී ලංකාවට යෝජනා කර ඇත්තේ.

කොහොම වුනත් එම අරමුදල සදහන් කලේ තමන් නිර්දේශ කල ඉන්ධන මිල සූත‍්‍රය හදුන්වා දීම ගැන ශ‍්‍රී ලංකාවට ප‍්‍රසංසා කරනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post