News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

“මීට කලින් එයාලා සීනි වලින් පන්දුව පලුදු කළා.” එංගලන්තයේ චෝදනාව නිසා ඕස්ටේලියාවේ ක්‍රිකට් වැට උඩ. – Video

1722 Views


“මීට කලින් එයාලා සීනි වලින් පන්දුව පලුදු කළා.” එංගලන්තයේ චෝදනාව නිසා ඕස්ටේලියාවේ ක්‍රිකට් වැට උඩ. – Video

දකුණු අප්‍රිකාව සමග තරගය අතරතුර ගිය සෙනසුරාදා ඕස්ටේලියානු ක්‍රීඩකයන් සැලසුම් සහගතව පන්දුව පලුදු කිරීම ගැන මේ වෙද්දී මුලු ක්‍රිකට් ලෝකයම කතා කරන්න පටන් අරං. එංගලන්තයේ උපත ලබපු මහත්වරුන්ගේ ක්‍රීඩාව වෙන ක්‍රිකට් වලට පහුගිය කාලෙම මේ වගේ ක්‍රීඩකයන්ගේ නොමනා හැසිරීම් වලින් හානි සිදුවුණා.

ඒ නිසාම නායක ස්ටීව් ස්මිත් ඇතුලු ඕස්ටේලියාවේ ක්‍රීඩකයන් මේ කරපු දේ ඕස්ටේලියාවේ රජය පිළිකුල් සහගතව හෙළා දැක්කා. ඒ විතරක් නෙවෙයි ස්මිත්ට නායකත්වයෙන් වහාම ඉවත් වෙන්න කියලත් රජය නියෝග කළා. ඒ අනූව ඉතිහාසයේ පළමු වරට තරගයක් මැද නායකයා වෙනස් කරන්න ඕස්ටේලියාවට සිද්ධ වුණා. තමන්ගේ රටට කරපු මේ නිග්‍රහය ගැන එරට රජය පරීක්ෂණයකුත් පටං අරං තියෙන්නේ.

මේ අතර ටික දවසක් අලු යට තිබුණු ගිනි පුපුරක් ආයෙත් මතුවෙලා. එංගලන්තයත් ගහෙන් වැටුණු ඕස්ටේලියාවේ ක්‍රිකට් වලට පහර දෙන්න පටං අරං. පහුගිය අළු බදුන තරගාවලියේදීත් ඕස්ටේලියානුවන් පන්දුව පලුදු කරා කියලා එංගලන්තය දැන් චෝදනා කරනවා.

එංගලන්තය මේ චෝදනා කරන්නේ වීඩියෝ සාක්ෂියක් අන්තර්ජාලයට නිකුත් කරමින්. දකුණු අප්‍රිකාව අතර තරගයේදී කහ පාට පටියකින් පන්දුව අතුල්ලන කැමරන් අළු බදුන තරගාවලියේදී විවේකාගාරයෙන් එළියට එන්නේ සීනි හැදි 3ක් සාක්කුවට දාගෙන. එංගලන්තය කියන්නේ සීනි කැට වලින් පන්දුවේ එක පැත්තක් ඔප මට්ටම් කරන්න පුලුවන් කියලයි. ඒ වගේම තමන් පන්දු යවද්දි නොතිබුණු දෝලනයක් ඕස්ටේලියාවේ පන්දු යවන්නන් ක්‍රීඩා කරද්දි තිබුණලු.

මේ ගැනත් දැන් ICC ය පරීක්ෂණ පවත්වයි. හැබැයි මේ හැමදේකින්ම ඕස්ට්‍රේලියාවෙ ක්‍රිකට් අභිමානය හැදි ගෑවිලා යයි කියලයි විචාරකයෝ කියන්නේ.

https://streamable.com/kuvbj


News Articles
Latest Videos
Most Popular Post