News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

වසර 12 කට පසු එංගලන්තය FIFA අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබයි.

411 Views


වසර 12 කට පසු එංගලන්තය FIFA අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබයි.

දවසින් දවස උණුසුම් වන පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටය ඉන් අවසන් වුණා. ඒ කණ්ඩායම් 8 ක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබලා. 16 දෙනාගේ වටයේ අවසන් තරඟ 2 ඊයේ පවත් වුණා.

පලවෙනි තරඟය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තය සහ ස්වීඩනය අතර. ඒ තරඟයෙන් ස්වීඩනය ගෝල 1 – 0 ක ජයක් ලබා ගත්තා. 1994 වසරින් පසු ස්වීඩනය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්වට වටයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. ස්විට්සර්ලන්තය මෙතෙක් පැවති කිසිදු ලෝක කුසලානයකදී පිළිමලූන් පිටු දැකීමේ වටයක් ජයග‍්‍රහණය කර නැහැ.

මේ අතර කොළොම්බියාව සමග ඊයේ පැවති තරඟයෙන් එංගලන්තය දඩුවම් පහර 04 ට 03 ක ජයක් ලබා ගත්තා. තරඟයේ නියමිත කාලය අවසාන වන විට කණ්ඩායම් 02 ම එක් ගෝලය බැගින් ලබාගෙන සම තත්වයේ පසුවූ බැවින් එලෙස දඩුවම් පහර ලබා දීමටයි විනිසුරුවරුන් තීරණය කළේ. එංගලන්තය මෙලෙස පාපන්දු කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගත්තේ 2006 වසරෙන් පසුවයි.

ලෝක කුසලාන පාපන්දු අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 08 මේ වනවිට තේරී පත්වී අවසන්. උරුගුවේ, ප‍්‍රංශය, රුසියාව, ක්‍රොඒෂියාව ,බ‍්‍රසීලය, බෙල්ජියම ස්වීඩනය සහ එංගලන්තය යන කණ්ඩායම් ලෝක කුසලාන සිහිනයේ තවමත් රැඳී ඉන්නවා. අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරමින් පළමු තරඟය උරුගුවේ සහ ප‍්‍රංශ කණ්ඩායම් අතර ලබන 06 වනදා පැවැත්විමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post