News Line| Off Air| Games
Generic placeholder image

Apr
13

අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්තිවෙද්දී කාලගුණය හරස්වෙයිද? අද දහවල් නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම මෙන්න.

710 Views


අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්තිවෙද්දී කාලගුණය හරස්වෙයිද? අද දහවල් නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම මෙන්න.

අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල කාලසීමාව තුල ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවඑම නිවේදනයේ දැක්වෙනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය කරල තියෙනවා.

පවතින තත්වය මත අකුණු අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකත අංකය භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ තියෙන්නේ අද හවස 1ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කල නිවේදනය.

 


News Articles
Latest Videos
Most Popular Post