News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

Facebook CEO ගේ කට නිසා සකර්බර්ග්ට බිලියන 15 ක් පාඩුවක්.

527 Views


Facebook CEO ගේ කට නිසා සකර්බර්ග්ට බිලියන 15 ක් පාඩුවක්.

ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය තමයි Facebook කියන්නේ. ලෝකයේ විශාලම සමාගම් අතරත් ඉහළින්ම Facebook සමගම ඉන්නවා. හැබැයි ඊයේ Facebook සමාගමට නොහිතපු දෙයක් එකපාරටම වුණා.

ඒ ඔවුන්ගේ කොටස් මිල 19% කින් කඩන වැටුණා. අමෙරිකානු කොටස් වෙළදපලේ එක් දිනකදී සමාජ මාධ්‍ය ජාල සමාගමක් අත්විදි විශාලතම මුල්‍ය පාඩුව එය ඉතිහාසගත වුණා.

මේ නිසා මාර්ක් සකර්බර්ග්ට අමෙරිකානු ඩොලර් බිලියන 15 ක පාඩුවක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 2407 (රු.කෝටි 240700) සිද්ධ වෙලා තියෙනවා. Facebook සමාගම පසුගිය වසර කිහිපයේදී අපේක්ෂිත ආර්ථික වර්ධනයන් කරා යාමට අපොහොසත්ව ඇති බවට සමාගමේ ප්‍රධාන මුල්‍ය විධායක නිලධාරි ඩේවිඩ් වේනර් ප්‍රක්ෂයක් කරා.

එත් සමගම අමෙරිකානු කොටස් වෙළදපලේ ප්‍රධාන පෙලේ තැරැව්කාර සමාගම් 16 ක් Facebook සමාගමේ කොටස් වල මිල අඩු කරලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post