News Line| Off Air| Games
Generic placeholder image

Jul
10

අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අසල්වැසියන් සටන් වදී,

561 Views


අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අසල්වැසියන් සටන් වදී,

ලෝකයම එකම සැණකෙළියක් කරපු FIFA ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟ අද ආරම්භ වෙනවා. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න අද සටන් වදින්නේ ප්‍රංශය සහ බෙල්ජියම.

1998 වසරේ ෆිෆා ලෝක ශූරයින් වූ ප‍්‍රංශය යළිත් එම සිහිය සැබෑ කර ගැනීමේ අරමුණින් අද පැවැත්වෙන අවසන් පුර්ව වටය සදහා සහභාගී වන බව ප‍්‍රංශ ජනාධිපත් එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.

හැබැයි අසල්වැසි බෙල්ජියමෙන් ප‍්‍රංශයට ප‍්‍රභල අභියෝගයක් එල්ලවෙයි කියලා පාපන්දු විචාරකයන් පෙන්වා දෙනවා.බෙල්ජියම් කණ්ඩායමේ ඉදිරිපෙළ ක‍්‍රිකඩ රොමෙලූ ලූකාකූ තරගයේ ජයග‍්‍රහණය බෙල්ජියම වෙත අත්පත් කර ගැනීම සදහා දැඩි සටනක් ලබා දෙයි කියලා ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර ප‍්‍රංශ පාපන්දු කණ්ඩායම ඊයේ රාත‍්‍රියේ මොස්කව් නුවර රාත‍්‍රී සමාජ ශාලාවකට ඇතුලූ වූ අවස්ථාවේ එහි ගින්නක් හට ගෙන තියෙනවා. එම ගින්න පසුව නිවා දමා ඇති අතර ඉන් ක‍්‍රීඩකයින්ට හානියක් වෙලා නෑ.

මීට අමතරව යුරෝපයේ රන් පරම්පරාව ලෙස සැළකෙන බෙල්ජියම් කණ්ඩායම සිය ජයග‍්‍රහණය වෙනුවෙන් ඊයේ දිනය පුරාම පුහුණු සැසි කිහිපයකට සහභාගී වුණා. FIFA ලෝක කුසාලානයේ පළමු අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් අද රාත‍්‍රී 09 00 ට ආරම්භ වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post