News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය ජග්‍රහණය කරාට පස්සේ පිට්ටනියේ ඉඳන් කරපු අමුතු වැඩක් සමාජ මාධ්‍ය කළඹයි. (VIDEO)

1402 Views


ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය ජග්‍රහණය කරාට පස්සේ පිට්ටනියේ ඉඳන් කරපු අමුතු වැඩක් සමාජ මාධ්‍ය කළඹයි. (VIDEO)

මේ දවස්වල කාගේත් අවධානය යොමුවෙලා තියෙන දෙයක් තමයි ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 2018. මේ තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් විදිහට ජය ගන්න ජපානය සමත් වුණා. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව වෙන්නෙත් මේක.

මේ තරඟයෙන් පස්සේ ජපාන ජාතිකයන්ගේ ක්‍රීඩාංගණයේ කරපු වැඩක් ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙනවා. ඒ තමයි තරඟය නැරඹීමට පැමිණි සිටි ජපන් ජාතිකයන් ක්‍රීඩාංණය පිරිසිදු කරන විදිහ. ඉතින් මේ වීඩියෝව දැකපු ගොඩක් අය කියන්නේ ජපන්නු වෙනස් ජාතියක් කියන්නේ ඒක නිසා කියලයි.

මේ තියෙන්නේ සමාජ ජාල වල හුවමාරු වෙන Video එක…

https://www.facebook.com/sampath.jayasekara.7/videos/1743332899076561/


News Articles
Latest Videos
Most Popular Post